Last Update  :  2024-11-04 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටොම් මූඩි නොසැලී ඉදිරියට

ටොම් මූඩි නොසැලී ඉදිරියට

editorial - 2021 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------------
දමින්ද විජේසූරිය
-------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් විධායක කමිටුවේ නිල කාලය ඉකුත් වී ඇතිබව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා වන ටොම් මූඩි මහතා කලබලයට පත්වී නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයට කළ දැනුම් දීම මත නීති විශාරදයන් තර්ක කළේ පෙබරවාරි 20 වැනිදායින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගන්නා ලද තීරණ සියල්ලම අවලංගු වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙසින් ටොම් මූඩි මහතා පත්කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 28 වැනිදා නිවේදනය කළේය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ ටොම් මූඩි මහතාගේ පත්වීම මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.

“ටොම් මූඩි කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල තත්ත්වය ඉතාම හොඳින් දන්නා කෙනෙක්. මේ තියෙන කලබගෑනි එයාට හොඳට හුරුයි.. ඇරත් එයාව පත්කරලා තියෙන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේම උපදෙස් මත නම්කරපු තාක්‍ෂණික උපදේශක කමිටුවේ නිර්දේශය මතයි. ඒ නිසා එයා ඒ ගැන කලබලයට පත්වෙලා නෑ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය නඟා සිටුවීම සඳහා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මස හිටපු ක්‍රීඩකයන් සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කරන ලදි. අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ‘ක්‍රිකට් කමිටුවේ’ කාර්යය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට විශේෂඥ උපදෙස් දීමය. කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහනාම යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.


අදහස් (0)

ටොම් මූඩි නොසැලී ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.