Last Update  :  2024-11-14 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

ශානුක අරවින්ද - 2020 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව අද (9 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වැනි තර‍ගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමත් විය. ‍‍මේ දක්වා තරග 7 කට සහභාගි වී ඇති මහනුවර කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. අසේල ගුණරත්න (නොදැවී 52) සහ ඉර්ෆාන් පතන් (නොදැවි 25) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 56 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

පන්දු 37 කට මුහුණදුන් ගුණරත්න හයේ පහරකින් සහ හතරේ පහර 54 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 19 කදී වාර්තා වූ පතන්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. නායක කුසල් පෙරේරා පන්දු 36 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 42 ක් රැස්කරමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකණු 150 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නුවන් ප්‍රදීප් ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගත් අතර අ‍සේල ගුණරත්න, විශ්ව ප්‍රනාන්දු සහ ඩේල් ස්ටේන් කඩුලු 2 බැගින් දවාගනිමින් යාපනය පිතිකරුවන් පීඩනයට පත්කළහ.

යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ෂොයිබ් මලික් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 59 ක් රැසකළේය. මිනෝද් භානුක (21) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මලික් සමත් විය. එහෙත් පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවීයෑම යාපනය කණ්ඩායමට විශාල පාඩුවක් විය.

යාපනය ස්ටැලියන්ස් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 150

(ජොන්සන් චාල්ස් 17, චරිත් අසලංක 18, ෂොයිබ් මලික් 59, මිනෝද් භානුක 21, නුවන් ප්‍රදීප් 36/3, අ‍සේල ගුණරත්න 21/2, විශ්ව ප්‍රනාන්දු 29/2, ඩේල් ස්ටේන් 33/2)

මහනුවර ටස්කර්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 4 ක් දැවී 151

(කුසල් පෙරේරා 42, අසේල ගුණරත්න නොදැවී 52, ඉර්ෆාන් පතන් නොදැවී 25, වනිඳු හසරංග 23/2)


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.