Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
................................................................................................................................................................
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගත්තේය.
................................................................................................................................................................
ඕවර 13.1 - 118/1
14 වැනි ඕවර යැවීම සඳහා කැඳවූ වනිඳු හසරංග එහි පළමු පන්දුවම වයිඩ් පන්දුවක් ලෙස යොමු කරමින් තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියානුවන්ට පිරිනැමුවේය.
................................................................................................................................................................
ඕවර 12.3 - 116/1
ඩේවිඩ් වෝනර්ගෙන් ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක්. වෝනර්ගේ ඩ්‍රයිව් පහරින් ඇදී ගිය පන්දුව හතරේ සීමාව පසුකර ගිය අතර එය නැවැත්වීමට ඉසුරු උදාන ගත් උත්සාහය අසාර්ථක විය.
................................................................................................................................................................
ඕවර 12.2 - 112/1
ස්ටීවන් ස්මිත් දුවද්දී දවාගැනීමට තිබූ අනගි අවස්ථාවක් ලක්ෂාන් සඳකැන් අතින් ගිළිහී යයි.
................................................................................................................................................................
ඕවර 11.3 - 110/1
වෝනර් කඩුල්ල මුවා කළ බවට ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් ප්‍රබල ඉල්ලීමක්. නමුත් විනිසුරු නිහඩයි.
................................................................................................................................................................
12 වැනි ඕවර යැවීම සඳහා යළිත් නුවන් ප්‍රදීප් කැඳවයි.
................................................................................................................................................................
ඕවර 10.6 - 107/1
පන්දු 32 කදී හතරේ පහර 6 ක් සමග ස්ටීවන් ස්මිත් සිය තෙවැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගනී. සදකැන්ගේ පන්දුවක් ලෝන් ඕෆ් කළාපයට තල්ලු කරමින් ලකුණක් සඳහා පැති මාරු කරගැනීමෙන් අනතරුව ස්මිත් සිය අර්ධ ශතක සැමරුවේය.
................................................................................................................................................................
ඕවර 10.4 - 106/1
කඩුල්ලෙන් පිටතට ඇදී ගිය සඳකැන්ගේ පන්දුවට ස්මිත් එල්ල කළ ඩ්‍රයිව් පහරින් ඇදී ගිය පන්දුව කවර් කළාපය පසුකරමින් හතරේ සීමාවට ලඟා විය.
................................................................................................................................................................
ඕවර 10.1 - 101/1
කවර් කළාපය හරහා වෝනර් එල්ල කළ හතරේ පහරින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 100 සීමාව පසුකරයි.
................................................................................................................................................................
ඕවර 9.6 - 97/1
ස්මිත්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්. ස්මිත් එල්ල කළ පුල් පහරින් වේගයෙන් ඇදී ගිය පන්දුව මිඩ් ඕෆ් කළාපයේ රැදී සිටි පන්දු රකින්නා පසුකර හතරේ සීමා වෙත ඇදී යයි.
................................................................................................................................................................
ඕවර 9.4 - 91/1
වෝනර්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. පා ආවරණය වෙත ඇදී ආ මාලිංගගේ පන්දුව, වෝනර් එල්ල කළ පහරකින් ෂෝට් ෆයින් ලෙග් කළාපයේ රැදී සිටි පන්දු රකින්නා පසුකර හතරේ සීමා වෙත ඇදී යයි.
................................................................................................................................................................
ඕවර 9.2 - 87/1
පන්දු 30 කදී හතරේ පහර 7 ක් සමග ඩේවිඩ් වෝනර් සිය 14 වැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගනී. මාලිංගගේ පන්දුවක් මිඩ් විකට් කළාපයට තල්ලු කරමින් ලකුණක් සඳහා පැති මාරු කරගැනීමෙන් අනතරුව වෝනර් සිය අර්ධ ශතක සැමරුවේය.
................................................................................................................................................................
10 වැනි ඕවර යැවීම සඳහා නායක ලසිත් මාලිංග නැවතත් පැමිණෙයි.
................................................................................................................................................................
ඕවර 8.2 - 79/1
වෝනර්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. මැද ඉන්න සහ පා ඉන්න කෙළින් පතිත වූ පන්දුවට වෝනර් එල්ල කළ රිවස් ස්වීප් පහරින් ඇදී ගිය පන්දුව රැක ගැනීමට පොයිට් කළාපයේ රැදී සිටි පන්දු රකින්නාට අවස්ථාවක් නොලැබිණ.
................................................................................................................................................................
ඕවර 7.3 - 72/1
වෝනර්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. වෝනර්ගේ පහරින් ෂෝට් ෆයින් ලෙග් කළාපයේ රැදී සිටි පන්දු රකින්නාගේ හිසට ඉහළින් ඇදී ගිය පන්දුව හතරේ සීමාව පසුකරයි.
................................................................................................................................................................
ඕවර 7 - 65/1
සඳකැන්ගේ පළමු ඕවරයේදී තරමක් ආරක්ෂාකාරී ලෙස පන්දුවට පහරදුන් වෝනර්ට සහ ස්මිත්ට එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.
................................................................................................................................................................
හත්වැනි ඕවර යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කැඳවයි.
................................................................................................................................................................
ඕවර 6 - 58/1
සිය පළමු ඕවරය ලකුණු 6 කට සීමා කිරීමට උදාන සමත් වෙයි.
................................................................................................................................................................
හයවැනි ඕවර යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කැඳවයි.
................................................................................................................................................................
වනිඳු හසරංග යැවූ පළමු ඕවරයේදීම හතරේ පහර 4 ක් සමගින් ලකුණු 17 ක් ලබාගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සිය ජයග්‍රහණය ඉක්මන් කිරීමේ උත්සාහයක නිරතව සිටිති.
................................................................................................................................................................
ඕවර 4.6 - 52/1
වෝනර්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.
................................................................................................................................................................
ඕවර 4.5 - 48/1
වෝනර්ගෙන් ස්කුවෙයර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
................................................................................................................................................................
ඕවර 4.3 - 44/1
වෝනර්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.
................................................................................................................................................................
ඕවර 4.2 - 40/1
වෝනර්ගෙන් බැක්වඩ් ස්කුවෙයර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
................................................................................................................................................................
පස්වැනි ඕවර යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැඳවයි.
................................................................................................................................................................
ඕවර 3.6 - 35/1
ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් මගින් පන්දු යවන්නා අසලින් හතරේ පහරක් එල්ල කිරීමට වෝනර් සමත් වෙයි.
................................................................................................................................................................
ඕවර 2.6 - 25/1
ස්මිත්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.
................................................................................................................................................................
ඕවර 1.5 - 14/1
ස්මිත්ගෙන් මිඩ් විකට් කළාපය හරහා තවත් හතරේ පහරක්.
................................................................................................................................................................
ඕවර 1.4 - 10/1
ස්මිත්ගෙන් කවර් සහ පොයින්ට් කළාප අතරින් හතරේ පහරක්.
................................................................................................................................................................
දෙවැනි ඕවර යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි.
................................................................................................................................................................
පළමු ඕවරයේ පන්දු කිහිපයක්ම පැයට කි.මී. 130 ට ආසන්න වේගයකින් යැවූ ලසිත් මාලිංග කඩුල්ලේ මැද ඉන්න සිය එල්ලය කරගෙන සිටී. එහෙත් පන්දුව පැමිණෙන රේඛාව හරහා පාදය ගෙන යමින් එය ස්ක්වෙයාර් ලෙග් කලාපයට හෝ ඩීප් ෆයින් ලෙග් කලාපයට තල්ලු කරමින් ලකුණු ලබාගැනීම ඕස්ට්‍රේලියානුවන්ගේ උපක්‍රමය වී තිබේ.
................................................................................................................................................................
තෙවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ස්ටීවන් ස්මිත් පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 0.3 - 01/1
ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් නායක ඒරන් ෆින්ච් ලකුණු නොළබා දැවී යයි. (පන්දු 1 යි)
................................................................................................................................................................
පළමු ඕවරය යැවීමට නායක ලසිත් මාලිංග සූදානම්.
................................................................................................................................................................
ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කිරීම සඳහා නායක ඒරන් ෆින්ච් සමගින් ඩේවිඩ් වෝනර් පිටියට පිවිසෙති.
................................................................................................................................................................
ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට ලකුණු 118 ක ඉලක්කයක්.
................................................................................................................................................................
ඕවර 19 - 117/10
ලකුණු 10 ක් ලබා සිටි ලක්ෂාන් සඳකැන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට පැට් කමින්ස් සමත් වෙයි. (පන්දු 14 යි, හතරේ පහර 1 යි)
................................................................................................................................................................
ඕවර 18.1 - 114/9
සඳකැන්ගේ පිත්තේ දාරයේ වැදුණ පන්දුව කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ සීමාව කරා ඇදී යයි.
................................................................................................................................................................
19 වැනි ඕවරය යැවීම සඳහා යළිත් පැට් කමින්ස් කැඳවයි.
................................................................................................................................................................
11 වැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු නුවන් ප්‍රදීප් පිටියට පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 17.3 - 108/9
ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ඇලෙක්ස් කේරි ලබාගත් ස්ටම්ප් කිරීමක් හේතුවෙන් ලසිත් මාලිංග ලකුණු 9 කට දැවී යයි. (පන්දු 5 යි, හතරේ පහර 2 යි)
................................................................................................................................................................
ඕවර 17.2 - 108/8
ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ලසිත් මාලිංග කඩුල්ල මුවා කරමින් දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු සංඥ්ඥා කළේය. එහෙත් එම තීරණය විනිසිරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කළ මාලිංග තමා නොදැවුණ ක්‍රීඩකයකු බවට තහවුරු කර ගත්තේය.
................................................................................................................................................................
18 වැනි ඕවරය යැවීම සඳහා යළිත් ඇඩම් සම්පා කැඳවයි.
................................................................................................................................................................
ඕවර 16.3 - 105/8
මාලිංගගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.
................................................................................................................................................................
ඕවර 16.2 - 101/8
මාලිංගගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.
................................................................................................................................................................
17 වැනි ඕවරය යැවීම සඳහා යළිත් කේන් රිචඩ්සන් කැඳවයි.
................................................................................................................................................................
10 වැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ලසිත් මාලිංග පිටියට පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 15.4 - 95/8
පැට් කම්න්ස්ගේ පන්දුවක් හමුවේ ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි කේන් රිචඩ්සන් අතට උඩ පන්දුවක් දෙමින් ඉසුරු උදාන ලකුණු 10 කට දැවී යයි. (පන්දු 14 යි)
................................................................................................................................................................
16 වැනි ඕවරය යැවීම සඳහා යළිත් පැට් කමින්ස් කැඳවයි.
................................................................................................................................................................
නමවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ලක්ෂාන් සඳකැන් පිටියට පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 14.4 - 93/7
ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ඇලෙක්ස් කේරි ලබාගත් ස්ටම්ප් කිරීමක් හේතුවෙන් වනිඳු හසරංග ලකුණු 10 කට දැවී යයි. (පන්දු 11 යි)
................................................................................................................................................................
ඕවර 14 - 89/6
ආගර්ගේ සිවුවැනි ඕවරයේදී ලකුණු 7 ක් රැස් කිරීමට වනිඳු සහ ඉසුරු සමත් වෙති.
................................................................................................................................................................
14 වැනි ඕවරය යැවීම සඳහා යළිත් ඇෂ්ටන් ආගර් කැඳවයි.
................................................................................................................................................................
ඕවර 13 - 82/6
සිය දෙවැනි ඕවරය ලකුණු 5 කට සීමා කිරීමට සම්පා සමත් වෙයි.
................................................................................................................................................................
13 වැනි ඕවරය යැවීම සඳහා යළිත් ඇඩම් සම්පා කැඳවයි.
................................................................................................................................................................
අටවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ඉසුරු උදාන පිටියට පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 11.1 - 75/6
බිලී ස්ටැන්ලේක්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින් ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක එක් ලකුණු කට දැවී යයි. (පන්දු 3 යි)
................................................................................................................................................................
12 වැනි ඕවරය යැවීම සඳහා යළිත් බිලී ස්ටැන්ලේක් කැඳවයි.
................................................................................................................................................................
හත්වැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු වනිඳු හසරංග පිටියට පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 10.5 - 75/5
ඇෂ්ටන් ආගර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් කුසල් පෙරේරා ලකුණු 27 කට දැවී යයි. (පන්දු 19 යි, හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)
................................................................................................................................................................
ඕවර 10.3 - 73/4
කුසල්ගෙන් ඉදිරියට පැන ලෝන් ඕන් කළාපයට ඉහළින් දැවැන්ත හයේ පහරක්.
................................................................................................................................................................
හයවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු දසුන් ශානක පිටියට පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 9.6 - 65/4
පැට් කමින්ස්ගේ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී උඩ පන්දුවක් ලෙස කවර්හි පන්දු රකිමින් සිටි ඇෂ්ටන් ටනර් අතට පත්වීමත් සමග නිරෝෂන් දික්වැල්ල ලකුණු 5 කට දැවී ගියේය. (පන්දු 3 යි, හතරේ පහර 1 යි)
................................................................................................................................................................
ඕවර 9.3 - 63/3
ස්කුප් පහරක් මගින් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ පහරක් එල්ල කිරීමට දික්වැල්ල සමත් වෙයි.
................................................................................................................................................................
ඕවර 9.1 - 58/3
කුසල්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.
................................................................................................................................................................
10 වැනි ඕවරය යැවීම සඳහා යළිත් පැට් කමින්ස් කැඳවයි.
................................................................................................................................................................
පස්වැනි පිතිකරුවා ලෙස වමත් පිතිකරු නිරෝෂන් දික්වැල්ල පිටියට පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 8.5 - 53/3
ඇස්ටන් ආගර්ගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන එල්ල කළ පහරකින් ඉහළ ඇදී ගිය පන්දුව උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට පැට් කමින්ස් සමත් වීමත් සමග අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 17 කට දැවී ගියේය. (පන්දු 16 යි, හතරේ පහර 1 යි)
................................................................................................................................................................
ඕවර 7.5 - 48/2
කඩුල්ලෙන් ඉවතට ඇදී යන පන්දුවට අවිෂ්කගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.
................................................................................................................................................................
අටවැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කැඳවයි.
................................................................................................................................................................
ඕවර 7 - 41/2
සිය පළමු ඕවරය ලකුණු 5 කට සීමා කිරීමට ආගර් සමත් වෙයි.
................................................................................................................................................................
හත්වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ආගර් කැඳවයි.
................................................................................................................................................................
ඕවර 5.3 - 33/2
කුසල්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.
................................................................................................................................................................
සිවුවැනි පිතිකරුවා ලෙස වමත් පිතිකරු කුසල් පෙරේරා පිටියට පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 5.2 - 29/2
බිලී ස්ටැන්ලේක්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 කට දැවී යයි. (පන්දු 22 යි, හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)
................................................................................................................................................................
පස්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කැඳවයි.

ඕවර 4.6 - 28/1
ධනුෂ්කගෙන් පිත්තේ වැදුණ පන්දුවක කඩුලු රකින්නා පසුකර හතරේ සීමාව වෙත ඇදී යයි.
................................................................................................................................................................
පස්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කැඳවයි.
................................................................................................................................................................
ඕවර 3.5 - 21/1
ඩිල් ස්කුප් පහරක් මගින් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හයේ පහරක් එල්ල කිරීමට ධනුෂ්ක සමත් වෙයි.
................................................................................................................................................................
ඕවර 3.3 - 13/1
ධනුෂ්කගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.
................................................................................................................................................................
ඕවර 3 - 09/1
රිචඩ්සන්ගේ දෙවැනි ඕවරය ලකුණු 3 කට සීමා වෙයි.
................................................................................................................................................................
තෙවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.
................................................................................................................................................................
ඕවර 1.4 - 05/1
එක් ලකුණක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඇෂ්ටන් ටනර් සහ ඇෂ්ටන් ආගර් සමත් වෙති. (පන්දු 4 යි)
................................................................................................................................................................
දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක බිලී ස්ටැන්ලේක් කැඳවයි.
................................................................................................................................................................
ඕවර 1 - 04/0
ශ්‍රී ලංකා පිතිකරුවෝ ආරක්ෂාකාරී පිතිහරඹයක. රිචඩ්සන්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.
................................................................................................................................................................
පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන් කැඳවයි.
................................................................................................................................................................
ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක පිටියට පිවිසෙති.
................................................................................................................................................................
ඔවුන් දෙදෙනා වෙනුවට උප නායක නිරෝෂන් දික්වැල්ල සහ අවිෂ්ක ප්‍රනාන්දු යළිත් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
................................................................................................................................................................
පළමු තරගයට සහභාගි වූ භානුක රාජපක්ෂට සහ ඕෂධ ප්‍රනාන්දුට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නොමැත.
................................................................................................................................................................
පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට ක්‍රීඩා කරයි.
................................................................................................................................................................
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.
................................................................................................................................................................
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.