Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ජාතික කණ්ඩායමේ වගකීම් අමතක කරමින් අයි.පී.එල්. ක්‍රිකට් ගහන්නට ගිය සකිබ් අල් හසන් බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත්ව නැත. මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සූදානම් වන ශ්‍රී ලංකා තේරීම් කමිටු නිලධාරීහු බංග්ලාදේශයට එරෙහිව හෙට (21 වැනිදා) පල්ලෙකැළේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා වන සංචිතය වේග පන්දු යවන්නන් පස් දෙනකුගෙන් පුරවා දැමූහ. එහෙත් කණ්ඩායමේ සිටින පා දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග වඩාත් ගැලපෙන ආකාරයකින් යොදාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවයි.
ශ්‍රී ලංකාව සොයා යන්නේ පශ්චාත් කොරෝනා සමයේ පළමු ටෙස්ට් ජයග්‍රහණයයි. වසර 2020 මාර්තුවේදී කොරෝනා වයිරසය ලෝකය පුරා පැතිර යමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 6 කට සහභාගි වූ නමුත් එම තරග 6 න් 4 ක්ම පරාජය විය. කොදෙව් පිලට එරෙහිව පැවැති තරග දෙක ජය පරාජයෙන තොරව නිමා විය.
වමතින් මඳ වේග පන්දු යවන්නකු වන ඩිල්ෂාන් මධුශංක පුහුණුවීම් කිරීමේදී කලව මස්පිඬුව ඉරීයාමේ ආබාධයකට ලක්වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එය නොදැනෙන ගානය. සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර හෙට තරගය සඳහා තේරීම් කමිටු නිලධාරීන්ගේ කැමැත්ත දැනටමත් හිමිකරගෙන සිටිති. අවශ්‍ය වුවහොත් ඇන්ජලෝ මැතිව්ගේ ‘නයා’ මඳ වේග පන්දු පල්ලෙකැළේදී වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය.
“කලක් තිස්සේ අපේ ශක්තිය වුණේ දඟ පන්දුව තමයි. ඒත් ඒක තවදුරටත් එහෙමම නෙමේ.” යයි දිමුත් කරුණාරත්න පැවසීය.
“අපේ දඟ පන්දු යවන්නන් තරුණයි. ඇරත් අපේ වේග පන්දු යවන්නන් මෑත කාලීන තරග වලදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා අපි බලනවා ඔවුන්ගෙන් අපට ගන්න පුළුවන් දේ මොකක්ද කියලා” යයි ද ශ්‍රී ලංකා නායකයා අද (20 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.
කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක වැනි පළපුරුදු පිතිකරුවන් සංචිතයේ අහළකවත් නොමැති නමුත් සවිමත් පිතිකරු ලයිස්තුවක් හදාගැනීම පහසු කාරියකි. දිමුත් කරුණාරත්නගෙන් පටන්ගෙන, ළහිරු තිරිමාන්න, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල එහි ඉදිරියෙන් සිටිති.
අංක 8 ස්ථානයට වනිඳු හසරංග ගෙනෙන්නේ ඕනෑම අවස්ථාවකදී, කිසිවකු අපේක්ෂා නොකරන අයුරින් තරගයක් වෙනස් කිරීමට ඔහු සතු විස්මිත හැකියාව නිසාය. ටෙස්ට් තරග 3 කදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 153 ක් ලබා සිටින වනිඳු, විශ්වාසය තැබිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අතර ඔහුගේ අවසන් එක්දින ඉනිම සටහන් වන්නේ ලකුණු 80 ක් ලෙසිනි.
සිය අවසන් ටෙස්ට් තරගයේදී (එංගලන්තයට එරෙහිව) ශතකයක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් සහ අවසන් ටෙස්ට් තරග තුනේදී දෙවතාවක්ම ලකුණු 90 පසුකර ගිය නිරෝෂන් දික්වැල්ල කිසිදු තරගයකින් තොරව කණ්ඩායම තුළට පිවිසෙති. එහෙත් ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට පැමිණීම නිසා දිනේෂ් චන්දිමාල්ට සහ රොෂේන් සිල්වාට ස්ථාන අහිමි වීම වැළැක්විය නොහැකිය.
බංග්ලාදේශ කණ්ඩායමේ වමත් පිතිකරුවෝ සිව් දෙනෙක් සිටිති. එබැවින් වැඩි බර පිට දඟ පන්දු යවන්නකුටය. එහෙත් තණතීරුව වෙනදා මෙන් තට්ටයටම කපා දමා නැත. එහි හොඳින් තණකොළ තිබේ. තරගයේ අවසන් දින දෙක තුළදී වුවත් බලාපොරොත්තු විය හැක්කේ තණකොළ මතත පතිත වන පන්දුවේ ලිස්සා යාම විනා වැඩිපුර දඟ කැවීමක් නොවේ.
එවන් තත්ත්වයකදී සාමාන්‍ය දඟ පන්දු යවන්නකුට වඩා පන්දුව විවිධාංගීකරණය කරමින් පිතිකරුවා මුළා කළ හැකි, ගුග්ලි පන්දු යවන්නකු වඩාත් වාසිදායක විය හැකිය. එබැවින් තේරීම් කමිටුවේ මනාපය වනිඳු හසරංගට වූවත් නායක දිමුත් කරුණාරත්න සහ පුහුණුකරු මිකී ආතර්ගේ තර්ක විතර්ක හමුවේ කණ්ඩායම තෝරාගැනීමට සිදුවනු ඇත.
වසර 4 කට ඉහතදී බංග්ලාදේශ කණ්ඩායම කොළඹදී ලබාගත් ටෙස්ට් ජයග්රහණයෙන් පසුව මේ දක්වා සිය මව්බිමෙන් පිටතදී ටෙස්ට් තරගයක් ජයගෙන නැත. විශේෂයෙන්ම ටෙස්ට් කඩුලු 200 ක් සහ ටෙස්ට් ලකුණු 4000 කට වඩා ලබා සිටින තුන් රියව් ක්‍රීඩකයා වන සකිබ් අල් හසන් කණ්ඩායමේ නැතිවීම බංග්ලාදේශයට බරපතළ අවාසියකි. වමතින් වේග පන්දු යවන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මුස්ටෆිසුර් රහමන්ද සිය ජාතික කණ්ඩායම පසෙක ලා අයි.පී.එල්. තරගාවලිය තෝරාගෙන තිබේ.
පළපුරුදු ක්‍රීඩකයන් ලෙසින් බංග්ලාදේශයට සිටින්නේ මෙහෙදි හසන්, ලිටන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, කාලිඩ් අහමඩ්, ටමීම් ඉක්බාල්, තයිජුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් පමණි. එබැවින් බංගලාදේශ නායක මොමිනුල් හක් හමුවේ ඇත්තේ බරපතළ අභියෝගයකි.
අනෙක් අතට බංග්ලාදේශය සිය අවසන් ටෙස්ට් තරග 9 දීම ජයග්‍රහණය කර ඇත්තේ එකකි. දුර්වල වූ කොදෙව් කණ්ඩායමක් හමුවේ ඔවුන් සිය මව්බිමේදීම පැවැති ටෙස්ට් තරගාවලිය පරාජය වූ අතර නවසීලන්තයේදී සියලුම තරග පරාජය විය. මෙම තත්ත්වය වෙනස් කිරීමේ අටියෙන් බංග්ලාදේශ කණ්ඩායම හෙට තරගය සඳහා නවක ක්‍රීඩක ෂොරිෆුල් ඉස්ලාම් සංචිතයට කැඳවා තිබේ.
ලෝක කුසලාන දිනාගත් බංග්ලාf්දශ 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වූ ෂොරිෆුල් නවසීලන්තයේදී එක්දින වරම් දිනාගත් නමුත් තවමත් ටෙස්ට් ක්‍රීඩා කර නැත.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, රොෂේන් සිල්වා, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම
බංග්ලාදේශ සංචිතය
මොමිනුල් හක් (නායක), අබු ජායිද්, එබාදත් හොසේන්, මෙහෙදි හසන්, ලිටන් දාස්, මොහොමඩ් මිතුන්, මුකිදුල් ඉස්ලාම්, මුෂ්ෆිකුර් රහීම්, නයීම් හසන්, නජ්මුල් සන්ටෝ, නුරුල් හසන්, සසිෆ් හසන්, ෂද්මන් ඉස්ලාම්, ෂොහිදුල් ඉස්ලාම්, ෂොරිෆුල් ඉස්ලාම්, ෂුවාගතා හොම්, කාලීඩ් අහමඩ්, තයිජුල් ඉස්ලාම්, ටමීම් ඉක්බාල්, ටස්කින් අහමඩ් සහ යසීර් අලි.
තරග තීරක
රන්ජන් මඩුගල්ලේ
විනිසුරුවරු
කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.