Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අතපත්තුට අයි.පී.එල්. අහිමිවෙයි
කාන්තා විස්සයි20 අභියෝගතා තරගාවලිය

අතපත්තුට අයි.පී.එල්. අහිමිවෙයි

editorial - 2022 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා විස්සයි20 අභියෝගතා තරගාවලියට එක්වන කණ්ඩායම් 3 සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිත නම්කර තිබේ. ඒ සඳහා ක්‍රීඩිකාවන් 48 ක් ඇතුළත් කර ඇතත් ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩිකාවක හෝ මෙම තරගාවලියට තෝරාගනු ලැබ නැත. 

විස්සයි-20 අන්තර්ජාතික තරග 89 කට සහභාගි වෙමින් ලකුණු 1867 ක් ලබා සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මේ වන විටත් ඩුබායි නුවරදී පැවැත්වෙන ෆෙයාර්බ්‍රේක් තරගාවලියට සහභාගි වෙමින් සිටී. පසුගිය වසරේදී සුපර්නෝවා කණ්ඩායම නියෝජනය කළ චමරි අතපත්තු තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත පාකිස්තානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නීය. 

පාකිස්තානු සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට මෙවර කාන්තා විස්සයි20 අභියෝගතා තරගාවලිය අහිමිවී තිබේ. 

ලෝකයේ දැනට සිටින ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර පළපුරුදුම පිතිකාරිනියක ලෙසින් නමක් දිනා සිටින චමරි අතපත්තු, විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී ශතකයක් (113) සහ අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 1867 ක් ලබා සිටින්නීය. ඇයගේ ප්‍රහාරාත්මක වේගය පන්දු 100 කට ලකුණු 103.49 කි. 

වෙලෝසිටි කණ්ඩායමේ හිටපු නායිකා මිතාලි රාජ්ට නායකත්වය මෙන්ම කණ්ඩායමේ ස්ථානයද අහිමිව තිබේ. මිතාලි රාජ් වෙනුවට දීප්ති ෂර්මාට වෙලෝසිටි කණ්ඩායමේ නායිකාව ලෙස උසස්වීමක් ලැබී ඇති අතර ඇගේ උපනායිකාව ලෙස ස්නේහා රානා පත්කර ඇත. 

සුපර්නෝවා කණ්ඩායමේ නායිකාව ලෙස හර්මන්ප්‍රීට් කෞර් සහ ටේ්‍රල්බ්ලේසර්ස් කණ්ඩායමේ නායිකාව ලෙස ස්මීත්‍රී මන්ධානා තවදුරටත් කටයුතු කරති. 

තරගාවලිය මේ මස 23 වැනිදා සිට 28 වැනිදා දක්වා පූනේ හිදී පැවැත්වේ. මූලික වටය සඳහා තරග 3 ක් පැවැත්වෙන අතර එක් කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායම සමගින් තරග 2 ක් ක්‍රීඩා කළ යුතුවේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් තරගය 28 වැනිදා පැවැත්වේ.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ තායිලන්තය නියෝජනය කරමින් විදේශීය ක්‍රීඩිකාවන් 12 දෙනෙකු තරගාවලියට සහභාගි වෙති. ඒ අනුව එම ක්‍රීඩිකාවන් 12 දෙනා එක් කණ්ඩායමකට 4 දෙනා බැගින් කණ්ඩායම 3 අතර බෙදී ගොස් ඇත.

 

පර්නෝවා සංචිතය
හර්මන්ප්‍රීට් කෞර් (නායිකාව), යානියා භාතියා (උපනායිකාව),  ඇලානා කිංග්, අයුෂී සෝනී, වී.චන්දු, ඩීන්ඩ්‍රා ඩොටින්, හාර්ලීන් ඩියෝල්, මේග්නා සිං, මොනිකා පතෙල්, මුස්කන් මලික්, පූජා වස්ත්‍රකාර්, ප්‍රියා පූනියා, රාෂී කනෝජියා, සොෆී එක්ක්ලෙස්ටන්, සුනේ ලූස්, මාංසි ජෝෂී.

ට්‍රේල්බ්ලේසර්ස් සංචිතය
ස්මි්‍රතී මන්ධානා (නායිකාව), පූනම් යාදව් (උපනායිකාව), අරුන්ධතී රෙඞ්ඩි, හේලී මැතිව්ස්, ජෙමීමා රොඩි්‍රගූස්, ප්‍රියන්කා ප්‍රීයදර්ෂණී, රාජේෂ්වර් ගයික්වාඞ්, රේනුකා සිං, රිචා ඝෝෂ්, සභිනෙනී මේඝනා, සයිකා ඉෂාකියු, සල්මා ඛාතූන්, ශාර්මින් අක්තර්, සොෆියා ඩන්ක්ලි, සුජාතා මලික්, ශාරධා පොඛර්කාර්.

වෙලෝසිටි සංචිතය
දීප්ති ෂර්මා (නායිකාව), ස්නේහ් රානා (උපනායිකාව), ශෆාලී වෙර්මා, අයබොන්ගා ඛාකා, කිරන් නව්ගිරේ, කේට් ක්‍රොස්, කීර්ති ජේම්ස්, ලෝරා වොල්වර්ඞ්ට්, මායා සෝනාවනී, නත්තාකාන් චන්තාම්, රාධා යාදව්, ආර්ති කේදර්, ශිවාලී ශින්ඬේ,  සිම්රන් බහාදූර්, යස්තිකා භාතියා, ප්‍රනාවී චන්ද්‍රා.

තරග කාලසටහන
මැයි 23 - ට්‍රේල්බ්ලේසර්ස් සහ සුපර්නෝවා කණ්ඩායම් අතර පූනේහිදී
මැයි 24 - සුපර්නෝවා සහ වොලෝසිටි කණ්ඩායම් අතර පූනේහිදී
මැයි 26 - වොලෝසිටි සහ ටේ්‍රල්බ්ලේසර්ස් කණ්ඩායම් අතර පූනේහිදී
මැයි 28 - අවසන් මහ තරගය, පූනේහිදී


අදහස් (0)

අතපත්තුට අයි.පී.එල්. අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.