Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව 1-0 කින් නවසීලන්තය පරදවයි
මුම්බායි ටෙස්ට් තරගය

ඉන්දියාව 1-0 කින් නවසීලන්තය පරදවයි

editorial - 2021 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව මුම්බායිහි වන්කඬේ කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 372 ක ජයක් ලැබූ ඉන්දියාව, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ඉනිම් දෙකේදී ලකුණු 212 ක් රැස්කළ මායන්ක් අගර්වාල් දෙවැනි තරගයේ වීරයා ලෙසත්, තරග දෙකේදී කඩුලූ 14 ක් දවාගත් රවිචන්ද්‍රන් අෂ්වින් තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන දිනාගත්හ. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 540 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 167 කට සීමා කිරීමට රවිචන්ද්‍රන් අෂ්වින් සහ ජයන්ත් යාදව් ප‍්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. නවසීලන්ත ඉනිමේ අවසන් කඩුලූ 5 න් 4 කටම හිමිකම් කී ජයන්ත් යාදව් ඉන්දීය කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය. නවසීලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස හතරේ පහර 8 ක් සමග ලකුණු 44 ක් ලබා සිටි හෙන්රි නිකෝල්ස් දවාගත් අෂ්වින්, සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය. 

තෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 5 ක් ලකුණු 140 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමට, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලූතින් එක්කරගත හැකි වූයේ ලකුණු 27 ක් පමණි. හතරේ පහර 4 ක් සමග ලකුණු 18 ක් ලබා සිටි රචින් රවින්ද්‍ර දැවී යෑමත් සමග නවසීලන්ත ඉනිමේ කඩුලූ වැටීම ආරම්භ විය. අද දිනයේදී (6 වැනිදා) කී‍්‍රඩාව  ඕවර 11.3 කට සීමා කරමින් ඒ තුළදී නවසීලන්ත ඉනිමේ අවසන් කඩුලූ 5 බිඳහෙළීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. 

ඉන්දීය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 325

නවසීලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 62

ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලූ 7 ක් දැවී 276

නවසීලන්ත දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 167
(විල් යංග් 20, ඩැරිල් මිචෙල් 60, හෙන්රි නිකෝල්ස් 44, රචින් රවින්ද්‍ර 18, රවිචන්ද්‍රන් අෂ්වින් 34/4, ජයන්ත් යාදව් 49/4)

-036 


අදහස් (0)

ඉන්දියාව 1-0 කින් නවසීලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.