Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු සංචාරයටත් රුමේෂ්

ඕස්ට්‍රේලියානු සංචාරයටත් රුමේෂ්

editorial - 2022 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර ඇත.

හිටපු පුහුණුකරු මිකී ආතර් මහතාගේ සේවා කාළය අවසන් වීමෙන් පසුව පැවැති සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුව සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඕස්ට්‍රේලියානු සංචාරයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර ඇත.

රුමේෂ් රත්නායක මහතාට කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටී. රත්නායක මහතා ශ්‍රී ලංකා සංචිතය සමගින් ඕස්ට්‍රේලියාව බලා නොයන නමුත් පළමු විස්සයි20 තරගයට පෙර කණ්ඩායම සමගින් එක්වනු ඇත.

- 2079

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු සංචාරයටත් රුමේෂ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.