Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ලට කඩුලු 10 ක ජයක්
ජාතික සුපිරි ලීගය

ගාල්ලට කඩුලු 10 ක ජයක්

editorial - 2023 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මුල් ඉනිමේදී ශතකයක් ලබාගත් සංගීත් කුරේ දෙවැනි ඉනිමේදීත් නොදැවී ලකුණු 75 ක් ලබාගත් හෙයින්, කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික සුපර් ලීග් තරගයේ තුන්වැනි දිනය වූ අද (28 වැනිදා) මහනුවර පිල කඩුලු 10 කින් පරාජය කිරීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. ගාල්ල පිල මෙම තරගාවලියේදී ලබාගත් දෙවැනි ජයග්‍රහණය මෙයයි.

තරගාවලිය ආරම්භ කරමින් කොළඹ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 279 කින් පරාජය කළ මහනුවර ක්‍රීඩකයෝ, සතියක් යාමටත් මත්තෙන් කඩුලු 10 කින් පරාජය වී සිටිති.

දෙවැනි දිනය නිමාවේදී කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබා සිටි මහනුවර කණ්ඩායමේ දෙවැනි ඉනිම,  මොහොමඩ් ෂිරාස් (26/3) සහ ප්‍රවීන් ජයවික්‍රම (20/3) එක්ව ලකුණු 198 කට සීමා කළහ. ගාල්ලේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 123 කි.

ඕවර 23.3 කදී ඉලක්කය පසුකර ගිය ගාල්ල ආරම්භක පිතිකරුවෝ දෙදෙනා හතරේ පහර 11 ක් සහ හයේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කළේ ඕවරයකදී ලකුණු 5.00 කටත් වැඩි ලකුණු වේගයක් රඳවා ගනිමිනි.


මහනුවර - පළමු ඉනිම 290 යි
(උදයවංශ පරාක්‍රම 49, කසුන් විදුර 16, සඳුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, රවීන් යයස් 10, මොවින් සුබසිංහ 30, වනුජ සහන් 12, නිපුන් රංසික 12, කවිශ්ක අංජුල 56/2, අසංක මනෝජ් 31/4)

ගාල්ල - පළමු ඉනිම 365 යි
(සංගීත් කුරේ 132, ලක්ෂාන් එදිරිසිංහ 70, ඇන්ජලෝ මැතිව්ස් 44, ධනංජය ලක්ෂාන් 16, විශාද් රන්දික 53, රමේෂ් මෙන්ඩිස් 10, මොහොමඩ් ෂිරාස් නොදැවී 15, නිපුන් රංසික 85/3, වනුජ සහන් 105/3)

මහනුවර - දෙවැනි ඉනිම 198
(කසුන් විදුර 28, සඳුන් වීරක්කොඩි 71, මොවින් සුබසිංහ 27, වනුජ සහන් 33, මොහොමඩ් ෂිරාස් 26/3, ප්‍රවීන් ජයවික්‍රම 20/3)

ගාල්ල - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 129
(හෂාන් දුමිඳු නොදැවී 54, සංගීත් කුරේ නොදැවී 75)


අදහස් (0)

ගාල්ලට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.