Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාලු ක්‍රීඩකයෝ දඹුල්ලේ අපරාජිත බව බිඳදමති

ගාලු ක්‍රීඩකයෝ දඹුල්ලේ අපරාජිත බව බිඳදමති

editorial - 2023 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය. මෙම පරාජයත් සමග දඹුල්ල කණ්ඩායම මේ දක්වා තරගාවලිය තුළ රැකගෙන සිටි අපරාජිත බව බිඳවැටිණ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ, ඕවර 33.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සොහාන් ද ලිවේරා පන්දු 71 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 76 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

එහිදී විෂාඩ් රන්දික (34) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සොහාන්, ඉන් නොනැවතී පසිඳු සූරියබණ්ඩාර (41) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 82 කදී ලකුණු 77 ක්ද එක්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. රන්දිකගේ ඉනිම හතරේ පහර 6 කින්ද, පසිඳුගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින්ද සමන්විත විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට මිලාන් රත්නායක ප්‍රමුඛ ගාල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සොනාල් දිනූෂ එහිදී පන්දු 116 කින් ලකුණු 62 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8.5 ක් යවමින් ලකුණු 41 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. දඹුල්ල ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අකිල ධනංජය ලකුණු 38 කට කඩුලු 3 ක්ද, නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 37 කට කඩුලු 2 ක්ද දවාගත්තේය. 

දඹුල්ල පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 200 
(ලසිත් අබේරත්න 37, සොනාල් දිනූෂ 62, දුෂාන් හේමන්ත 29, චමිඳු වික්‍රමසිංහ 24, දුවිඳු තිලකරත්න 17, මිලාන් රත්නායක 41/4, අකිල ධනංජය 38/3, රමේෂ් මෙන්ඩිස් 37/2) 

ගාල්ල පිල - ඕවර 33.5 කදී කඩුලු 5 ක් දැවී 201 
(සොහාන් ද ලිවේරා 76, විෂාඩ් රන්දික 3, පසිඳු සූරියබණ්ඩාර 41, ලක්ෂාන් එදිරිසිංහ 25, දුෂාන් හේමන්ත 48/2, දුවිඳු තිලකරත්න 51/2) 

 


අදහස් (0)

ගාලු ක්‍රීඩකයෝ දඹුල්ලේ අපරාජිත බව බිඳදමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.