Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටමීම් - රහීම් - ලිටන් පන්දු යවන්නන් වෙහෙසවති
චිතගොන් ටෙස්ට් තරගය

ටමීම් - රහීම් - ලිටන් පන්දු යවන්නන් වෙහෙසවති

editorial - 2022 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන්නේ නම්, පිතිකරුවන් වශයෙන් කවදත් කරදරකාරයන් දෙදෙනකු වන මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 53) සහ ලිටන් දාස් (නොදැවී 54) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 98 ක අඛණ්ඩ සම්බන්ධතාව හේතුවෙන් චිතගොන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (17 වැනිදා) සවස තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 318  ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකාව සිය මුල් ඉනිම සඳහා ලකුණු 397 ක් ලබාගත් අතර බංග්ලාදේශය තවමත් ලකුණු 79 ක් පසුපසින් සිටියද ඔවුන් සතුව කඩුලු 7 ක් තිබේ. 

සෙල්සියස් අංශක 31 ඉක්මවූ දැඩි උෂ්ණත්වයත්, 81% ඉක්මවූ අර්ද්‍රතාවත් හේතුවෙන් ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්, ලකුණු 133 කට පසුව පාදයේ මස්පිඬු පෙරළීමේ ආබාධයකට මුහුණ දුන්නේය.  එහෙයින් ටමීම්, අද දිනයේ තේ පානයෙන් පසු පිතිහරඹය පසෙක තබා ක්‍රීඩාගාරයට වී විවේක ගත්තේය. ඒ අවසරයෙන් මුෂ්ෆිකුර් රහීම්ට එක්වූ ලිටන් දාස්, ශ්‍රී ලංකාවේ තරුණ පන්දු යවන්නන් සමග සෙල්ලම් කරමින් ලකුණු සංඛ්‍යාව 220 සිට 318 දක්වා ඉදිරියට තල්ලු කරගෙන ගියේය. 

මේ වන විට 35 හැවිරිදි වියේ පසුවන හිටපු නායකයා ටෙස්ට් ලකුණු 5000 කඩයිමට ඉතාම ආසන්නයෙන් සිටියද, තව නොබෝ දිනකින් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වී යන බව බංග්ලාදේශෙයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. වසර දෙකකට ඉහතදී ලෝක කුසලාන දිනාගත් බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් එල්ල වන පීඩනය ඊට හේතුවයි. අනෙක් අතට, වසර දෙකකට ඉහතදී සිමබාබ්වේ පිලට එරෙහිව ලබාගත් ද්විත්ව ශතකයෙන් පසුව මුෂ්ෆීකුර් මේ දක්වා ටෙස්ට් ශතකයක් ලබා නොසිටීම තවත් හේතුවකි. 

වෙනදා නම් මුෂ්ෆිකුර්, ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් දුටුතැන පහර දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් වත්මන් තත්ත්වය නිසා මහත් පරෙස්සමෙන් පන්දුවට පහර දෙන කඩුලු රකින්නා, පන්දු 134 කට මුහුණ දුන් නමුත් ඔහුගේ පිත්තේ වැදී හතරේ සීමාව පසුකළේ ඒවායින් දෙකක් පමණි. මුෂ්ෆිකුර් පරෙස්සමෙන් පන්දුවට පහර දෙද්දී ලිටන් දාස් නිදහසේ ලකුණු කරා යමින් හතරේ පහර 8 ක් ද සහිතව සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. 

විශ්ව ප්‍රනාන්දු තුවාල ලැබීම හේතුවෙන් කණ්ඩායමට එක්වූ කසුන් රාජිත කඩිනමින්ම තමන්ගේ කටයුතු ආරම්භ කළේ පන්දු 19 ක් ඇතුළත කඩුලු දෙකක් දවාගනිමිනි. තේ පානය වන විට බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටි අතර කසුන් රාජිත ඒවායින් දෙකකටම හිමිකම් කීවේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගයට කැඳවාගෙන එමිනි. 

සිය පළමු ඕවරයේ සිව්වැනි පන්දුවේදීම නජ්මුල් හොසේන්ගෙන් උඩපන්දුවක් ලබාගනිමින් ඔහුගේ පන්දු 22 ක ඉනිම එක ලකුණකට සීමාකළ කසුන් රාජිත, ඕවර දෙකකට පසුව බංග්ලාදේශ නායකයාගේ පිට ඉන්න සොළවා ඔහු පිටියෙන් ඉවත් කළේය. පිට ඉන්නට යාන්තමින් එපිටින් පන්දුව පතිත කරමින් සිටි රාජිත හමුවේ අලස ආකාරයෙන් පිත්ත ඉදිරියට දැමූ මොමිනුල් හක් නොසිතූ ලෙසින් පන්දුව කඩුල්ල වෙතට ඇදී ආවේය. 

ශතකයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි කරගැනීම සම්බන්ධයෙන් ගතවන සෑම විනාඩියකදීම, ශ්‍රී ලංකා පිතිකරුවන් පසුතැවිල්ලට පත්කළ ටමීම් ඉක්බාල් සහ මහමදුල් හසන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සම්බන්ධතාවක් නැංවූහ. 

මහමදුල් හසන් (58) සහ ටමීම් ඉක්බාල් (නොදැවී 133) දෙදෙනාගෙන් තරමක් ආක්‍රමණශීලී වූ පළපුරුදු ටමීම්, 19 න් පහළ වයස් කාණ්ඩයේ සිටම, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ හොඳින් ලකුණු ලබාගන්නෙකි. පන්දු 217 කින් 15 ක් හතරේ සීමාවට යැවූ වමත් පිතිකරුවා, තවමත් ටෙස්ට් තරග 4  කට පමණක් සහභාගි වී සිටින තරුණයාට අවශ්‍ය ධෛර්යය සැපයීය. 

21 හැවිරිදි මහමදුල් හසන් ජෝයි බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ දකුණත් පිතිකරුවකු වන අතර මේ වන විටත් ටෙස්ට් ශතකයක හිමිකරුවෙකි.  එහෙත් දිවා ආහාරයෙන් පසුව ඔහුට පිටියේ රැඳී සිටිය හැකිවූයේ ස්වල්ප වේලාවක් පමණි. 

-213


අදහස් (0)

ටමීම් - රහීම් - ලිටන් පන්දු යවන්නන් වෙහෙසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.