Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල ජයන්ට්ස් ලකුණු 20 ක ජයක් ලබයි
එල්.පී.එල්. - 2021

දඹුල්ල ජයන්ට්ස් ලකුණු 20 ක ජයක් ලබයි

editorial - 2021 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය ලෙස දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩංගංණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත් විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමට  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි. 

දක්ෂ පන්දු යැවීමක නිරත රමේෂ් මෙන්ඩිස්, නායක ඇන්ජලෝ පෙරේරාගේ (24) කඩුල්ලද සමග ලකුණු 21 කට කඩුලූ 3 ක් බිඳහෙළමින් කැන්ඩි වෝරියර්ස් ඉනිම අඩ පණ කළේය. උප නායක චරිත් අසංලක (5) දවාගනිමින් සිය දඩයම ඇරඹූ රමේෂ්, එකම  ඕවරයකදී ඇන්ජලෝ සහ කමිඳු මෙන්ඩිස් (17) පිටියෙන් ඉවත් කරමින් කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දැමුවේය. 

හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි රෝමන් පවෙල් පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 42 ක් රැස්කරමින් කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. එහෙත් නුවන් ප‍්‍රදීප්ගේ පන්දුවක් හමුවේ චාමික කරුණාරත්න අතට උඩ පන්දුවක් දෙමින් රෝමන් දැවී යෑමත් සමග එම බලාපොරොත්තු බිඳ වැටිණ.

රෝමන්ගේ කඩුල්ලත් සමග ලකුණු 31 කට කඩුලූ 3 ක් දවාගත් නුවන් ප‍්‍රදීප් කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමේ ජයග‍්‍රාහී මාවත අවහිර කිරීම සඳහා රමේෂ් මෙන්ඩිස්ට අනගි සහායක් දුන්නේය. ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 16 කින් නොදැවී ලකුණු 27 ක් රැස්කිරීමට සචිඳු කොළඹගේ සමත් වුවද ඔහුට සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 190 ක් ලබාගත්තේය. නිරෝෂන් දික්වැල්ල (37) සහ පිලිප් සෝල්ට් (64) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 97 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. එහිදී පන්දු 27 කට මුහුණදුන් සෝල්ට් දැවැන්ත හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසූවේය.
 
විනය කඩ කිරීම නිසා තරග තහනමකට ලක්වීමෙන් පසුව යළිත් තරග බිමට පිවිසි දික්වැල්ල, පන්දු 23 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු රැස්කළේය. නායක දසුන් ශානක පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක්ද, රමේෂ් මෙන්ඩිස් පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 22 ක්ද රැස්කරමින් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

දික්වැල්ලගේ කඩුල්ලත් සමග ලකුණු 34 කට කඩුලූ 3 ක් දවාගැනීමට ළහිරු කුමාර සමත් වූ අතර අල් අමීන් හොසේන් ලකුණු 36 කට කඩුලූ 2 ක් දවාගත්තේ දඹුල්ල ජයන්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ පිලිප් සෝල්ට්ගේ කඩුල්ලද සමගිනි. එහිදී සචිඳු කොළඹගේ යැවූ  ඕවර 4 තුළ ලකුණු 46 ක් රැුස්කිරීමට දඹුල්ල ජයන්ට්ස් පිතිකරුවෝ සමත් වූහ. 

දඹුල්ල ජයන්ට්ස් පිල -  ඕවර 20 කදී කඩුලු 7 කට 190 
(නිරෝෂන් දික්වැල්ල 37, පිලිප් සෝල්ට් 64, දසුන් ශනක 24, රමේෂ් මෙන්ඩිස් නොදැවී 22, ළහිරු කුමාර 34/3, අල් අමීන් හොසේන් 36/2)

කැන්ඩි වෝරියර්ස් පිල -  ඕවර 20 කදී කඩුලු 8 කට 170 
(කෙනාර් ලූවිස් 17, ඇන්ජලෝ පෙරේරා 24, කමිඳු මෙන්ඩිස් 17, රොමන් පවෙල් 42, ඉෂාන් ජයරත්න 18, සචිඳු කොළඹගේ නොදැවී 27, රමේෂ් මෙන්ඩිස් 21/3, නුවන් ප‍්‍රදීප් 31/3)


අදහස් (0)

දඹුල්ල ජයන්ට්ස් ලකුණු 20 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.