Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දින දෙකට කඩුලු 24 යි
ජාතික සුපිරි ලීගය

දින දෙකට කඩුලු 24 යි

editorial - 2023 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළමු පෙළ තරග වලදී ශ්‍රී ලාංකික පිතිකරුවන්ගේ දුර්වලතා නැවත වරක් ප්‍රදර්ශනය කරමින් යාපනය සහ දඹුල්ල අතර එස්.එස්සී. පිටියේදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගයේ දින දෙකක් තුළදී කඩුලු 24 ක් බිඳ වැටී තිබිණ. කෙසේ වෙතත් මුල් ඉනිමේදී කළ අනුවණකම් නොකළ නවෝද් පරණවිතාන (64) සහ රොන් චන්ද්‍රගුප්ත (67) දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හෙයින් තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට යාපනය ක්‍රීඩකයෝ කඩුලු 4 ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියහ.

තරගයේ දින දෙකක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී, යාපනය කණ්ඩායම, කඩුලු 6 ක් පමණක් අතැතිව ලකුණු 57 ක් ඉදිරියෙන් සිටී. නොදැවී සිටින පිතිකරුවන් දෙදෙනා වන මාධව වර්ණපුර (ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතාගේ පුතණුවන්) සහ ළහිරු මධුශංක අත යාපනය පිලේ ඉරණම රැඳී තිබේ.


යාපනය - පළමු ඉනිම 62 යි
(කසුන් අබේරත්න 16, ළහිරු මධුශංක 10, රවිඳු ප්‍රනාන්දු 13, අසිත ප්‍රනාන්දු 24/4, විශ්ව ප්‍රනාන්දු 14/5)

දඹුල්ල - පළමු ඉනිම 213 යි
(නිමේෂ් ගුණසිංහ 10, මිනෝද් භානුක 67, සනෝජ් දර්ශික 18, රනිත ලියනාරච්චි 51, විශ්ව ප්‍රනාන්දු නොදැවී 25, නිපුන් මාලිංග 39/2, යසිරු රුද්රිගු 52/3, එෂාන් මාලිංග 39/2, දිලුම් සුධීර 18/2)

යාපනය - දෙවැනි ඉනිම කඩුලු 4 ට 208 යි
(නවෝද් පරණවිතාන 64, රොන් චන්ද්‍රගුප්ත 67, සුඛිත මනෝජ් 15, මාධව වර්ණපුර නොදැවී 26, ළහිරු මධුශංක නොදැවී 12)


අදහස් (0)

දින දෙකට කඩුලු 24 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.