Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි තරගය වැස්සට සේදෙයි
එක්දින තරගාවලිය

දෙවැනි තරගය වැස්සට සේදෙයි

editorial - 2023 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෙළවරක් නැති වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුවරදී අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින අන්තර්ජාතික තරගය, එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි. 

දිවා/රාත්‍රී තරගයක් වූ මෙම තරගය නවසීලන්ත වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය තිබුණද දිගින් දිගටම වර්ෂාව පැවැති හෙයින් තණතීරුව වසා තබන ලදි. එහෙත් පස්වරු 4.30 ට පමණ තරගය අතහැර දැමීමට දෙපිලේ නායකයෝ මෙන්ම විනිසුරුවරුද එකඟ වූහ. 

කාලගුණ වාර්තාව අනුව අද සවස් වරුවේදීත් වර්ෂාව පවතින බව කියැවුණ බැවින්, කාසියේ වාසිය උරගා නොබලාම, තරගය අතහැර දමන ලදි. තරගය අතහැර දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 05 ක් හිමිවන නමුත්, දැනට ඉතිරිව තිබෙන එකම තරගය ජයගත්තද එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට එය ප්‍රමාණවත් නොවනු ඇත. එක්දින තරග 23 ක් නිමාවේදී ශ්‍රී ලංකාව සතුවන්නේ ප්‍රසාද ලකුණු 82 ක් පමණි. 

එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව එක එල්ලේම සුදුසුකම් ලබාගන්නේද නැද්ද යන්න දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරග දෙකක් මත තීරණය වනු ඇත. යන්තම් හෝ අවස්ථාවක් ලබාගැනීමට නම් ලබන සිකුරාදා හැමිල්ටන් නුවරදී පැවැත්වෙන තරගයේදී නවසීලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය යුතුය. එහෙත් එය බොහෝ දුර ඈත ඉලක්කයකි. 

එක්දින ලෝක කුසලානයේ අනුශූරයන් වන නවසීලන්තය, මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර හොඳම දස්කම් පෙන්වූ කණ්ඩායම බවට පත්ව සිටී. එක්දින ලෝක කුසලාන සුපිරි ලීගයේදී නවසීලන්තය සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 165 කි. ඔව්හු තරග 23 කින් තරග 15 ක් ජයගෙන ඇති අතර තරග 5 ක් පමණක් පරාජය වී තිබේ. 

පසුගිය සෙනසුරාදා ඕක්ලන්ඩ් නුවරදී පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 198 ක දැවැන්ත ජයක් ලබාගත් නවසීලන්තය, තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. 

- 213

 


අදහස් (0)

දෙවැනි තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.