Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය කඩුල්ලකින් ඉන්දියාව පරදවයි
ඉන්දියා - බංග්ලාදේශ එක්දින තරගය

බංග්ලාදේශය කඩුල්ලකින් ඉන්දියාව පරදවයි

editorial - 2022 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඩකා නුවර ශ්‍රේ බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඕවර 46 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 39 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 38 ක් රැස්කළ මෙහෙදි හසන් තරගයේ වීරයා බවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 136 ක් වන විට බංග්ලාදේශ ඉනිමේ 9 වැනි කඩුල්ලත් බිඳ වැටුණ අතර අවසන් පිතිකරුවා වූ මුස්තෆිසුර් රහමන් (නොදැවී 10) සමග අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 51 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් හසන් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

නායක ලිටන් දාස් පන්දු 63 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක්ද, සකීබ් අල් හසන් පන්දු 38 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක්ද රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. මොහොමඩ් සිරාජ් ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වුවද, ඉන්දීය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සකීබ් අල් හසන්ගේ සහ ඉබාදත් හොසේන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 41.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි. එහිදී සකීබ් ලකුණු 36 කට කඩුලු 5 ක්ද, ඉබාදත් ලකුණු 47 කට කඩුලු 4 ක්ද දවාගනිමින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමූහ.

සෙසු පිතිකරුවන් ආසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ලෝකේෂ් රාහුල් පන්දු 70 කදී ලකුණු 73 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. නායක රෝහිත් ශර්මා පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක්ද, ශ්‍රෙයාස් අයියර් පන්දු 39 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කළහ.


ඉන්දියාව - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 186
(රෝහිත් ශර්මා 27, ශ්‍රෙයාස් අයියර් 24, ලෝකේෂ් රාහුල් 73, වොෂින්ටන් සුන්දර් 19, සකීබ් අල් හසන් 36/5, ඉබාදත් හොසේන් 47/4)

බංග්ලාදේශය - ඕවර 46 කදී කඩුලු 9 ක් දැවී 187
(ලිටන් දාස් 41, එනමුල් හක් 14, සකීබ් අල් හසන් 29, මුෂ්ෆිකුර් රහීම් 18, මහමදුල්ලා රියාද් 14, මෙහෙදි හසන් නොදැවී 38, මොහොමඩ් සිරාජ් 32/3, වොෂින්ටන් සුන්දර් 17/2, කුල්දීප් සෙන් 37/2)

-036

 


අදහස් (0)

බංග්ලාදේශය කඩුල්ලකින් ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.