Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුද හමුදාපති ලීගය 31 දා සිට

යුද හමුදාපති ලීගය 31 දා සිට

editorial - 2021 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකා යුදහමුදා ක්‍රිකට් කමිටුව විසින් දෙවැනි වරටත් සංවිධානය කරන “යුද හමුදාපති ලීගය” විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 31 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇත. මෙම තරගාවලිය දින 8 ක් පුරා දොඹගොඩ යුදහමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය අගෝස්තු 8 වැනිදා පැවැත්වේ.

නොදර්න් වොරියර්ස්, ඊස්ටන් වොරියර්ස්, සදර්න් වොරියර්ස් සහ වෙස්ටන් වොරියර්ස් ලෙස කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වෙන අතර අවසන් මහා තරගයත් සමගින් තරගාවලිය තරග 13 කින් සමන්විතවේ.

සීකුගේ ප්‍රසන්න නොදර්න් වොරියර්ස් පිලත්, අසේල ගුණරත්න ඊස්ටන් වොරියර්ස් පිලත්, දිනේෂ් චන්දිමාල් සදර්න් වොරියර්ස් පිලත්, තිසර පෙරේරා වෙස්ටන් වොරියර්ස් පිලත් මෙහෙයවනු ඇත.

සෑම කණ්ඩායමක් සඳහාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනෙකු ආරාධිත ක්‍රීඩකයන් ලෙස තරගාවලියට එක්වේ. නමුත් තරගයට ක්‍රීඩාකරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා සඳහා යොදාගත හැකිවන්නේ ඉන් ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණි.

නදර්න් වොරියර්ස් පිල සඳහා මිලින්ද සිරිවර්ධන, අෂාන් ප්‍රියංජන් සහ රමේෂ් මෙන්ඩිස් ද, ඊස්ටන් වොරියර්ස් පිල සඳහා සඳුන් වීරක්කොඩි, චතුරංග ද සිල්වා සහ ළහිරු මදුශංක ද, සදර්න් වොරියර්ස් පිල සඳහා ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල් සහ ඇන්ජලෝ පෙරේරා ද, වෙස්ටන් වොරියර්ස් පිල සඳහා උපුල් තරංග, නුවන් ප්‍රදීප් සහ ඩිල්ශාන් මුණවීර ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ලෙස යුද හමුදාපති ලීගය සඳහා එක්වෙති.
යුදහමුදා ක්‍රීඩකයන් 15 දෙනෙකු සහ ආරාධිත ක්‍රීඩකයක් 3 දෙනෙකු සමගින් එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කළ හැකි අතර ඊට වයස 23 න් පහළ ක්‍රීඩකයන් තිදෙනෙකු ඇතුළත් විය යුතුය.

ඒ අනුව නායකයා, ආරාධිත ක්‍රීඩකයන් දෙදෙනෙකු, වයස 23 න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ තවත් ක්‍රීඩකයන් 6 දෙනෙකුට තරගයක ක්‍රීඩා කරන අවසන් 11 දෙනා සඳහා එක්වීමේ අවස්ථාව හිමිවේ.

ලීග් ක්‍රමය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම සමගින් තරග දෙකක් ක්‍රීඩා කළ යුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අගෝස්තු 8 වැනිදා දොඹගොඩ යුදහමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී හමුවනු ඇත.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 250,000ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර අනු ශූරතාව දිනාගන්නා කණ්ඩායමට අනු ශූරතා කුසලාන සමගින් රුපියල් 150,000ක මුදල් ත්‍යාගයක් හිමිවේ. ඊට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක්ද, අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක්ද, දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පන්දු රකින්නා සඳහා රුපියල් 25,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. එමෙන්ම මූලික වටයේ තරග වලදී තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමෙණු ඇත.

නොදර්න් වොරියර්ස් පිලේ අනුග්‍රාහකයා ලෙස පානදුර සුපර් ෆැෂන් ආයතනයද, ඊස්ටන් වොරියර්ස් පිලේ සම අනුග්‍රාහකයන් ලෙස බැට්ස්මන් ඩොට් කොම් සහ ප්‍රීමා ආයතනයද, සදර්න් වොරියර්ස් පිලේ අනුග්‍රාහකයා ලෙස ඩිමෝ ආයතනය සහ වෙස්ටන් වොරියර්ස් පිලේ අනුග්‍රාහකයා ලෙස ක්ලැසික් ට්‍රැවල්ස් ආයතනයද කටයුතු කරනු ලැබේ.


තරග කාලසටහන

ජුලී 31
සදර්න් වොරියර්ස් සහ නොදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර
වෙස්ටර්න් වොරියර්ස් සහ ඊස්ටන් වොරියර්ස් කණ්ඩායම් අතර

අගෝස්තු 01
නොදර්න් වොරියර්ස් සහ ඊස්ටන් වොරියර්ස් කණ්ඩායම් අතර
සදර්න් වොරියර්ස් සහ වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම් අතර

අගෝස්තු 03
ඊස්ටන් වොරියර්ස් සහ සදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර
වෙස්ටර්න් වොරියර්ස් සහ නොදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර

අගෝස්තු 04
වෙස්ටර්න් වොරියර්ස් සහ නොදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර
ඊස්ටන් වොරියර්ස් සහ සදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර

අගෝස්තු 06
ඊස්ටන් වොරියර්ස් සහ වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම් අතර
නොදර්න් වොරියර්ස් සහ සදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර

අගෝස්තු 07
සදර්න් වොරියර්ස් සහ වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම් අතර
නොදර්න් වොරියර්ස් සහ ඊස්ටන් වොරියර්ස් කණ්ඩායම් අතර

අගෝස්තු 08
අවසන් මහා තරගය

 


අදහස් (0)

යුද හමුදාපති ලීගය 31 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.