Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී සුමංගල - සාරාලංකාර මහ තරගය 13-14

ශ්‍රී සුමංගල - සාරාලංකාර මහ තරගය 13-14

editorial - 2022 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල හා ගෝනපීනුවල සාරාලංකාර විදුහල අතර සංවිධානය කෙරෙන සුමගුලු-සරා මංගල ක්‍රිකට් තරගය අගෝස්තු මස 13,14 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සුමංගල විදුහලේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මේ තරගයට සහභාගී වන දෙවිදුහලම පාසල් ක්‍රිකට් තරගාවලිවලදී තෙවැනි කොටසෙන්  තරග වදිනු ලබයි.

සුමංගල විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස හිමාල් හංසකද උප නායකයා ලෙස පවීන් මනුප්‍රිය කටයුතු කරති. සාරාලංකාර කණ්ඩායමේ නායකයා ලෙස අවිශ්ක උදයංගද උප නායකයා ලෙස හෂීම් ඉනූජ්ද කටයුතු කරති.

මෙවර පාසල් කිකට් තරගාවලියේදී සුමංගල විදුහල මුහුණදුන් එක් දින තරග අටෙන් තරග පහක ජය හිමි කරගෙන තරග තුනක් පරාජයට පත්ව තිබේ.

සාරාලංකාර විදුහල මුහුණදුන් එක් දින තරග අටෙන් තරග හතරක ජය ලබා තරග හතරක් පරාජයට පත්ව තිබේ.

සුමංගල විදුහල

 

සාරාලංකාර විදුහල


අදහස් (0)

ශ්‍රී සුමංගල - සාරාලංකාර මහ තරගය 13-14

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.