Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කළුතර බ්ලූ ස්ටාර්ස්ට සම්මාන

කළුතර බ්ලූ ස්ටාර්ස්ට සම්මාන

editorial - 2022 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රුපියල් කෝටි 3.5 ක් ප්‍රදානය කළ ශ්‍රී ලංකා පාපන්දු වර්ණ සම්මාන රාත්‍රිය මාදිවෙල කිඹුලාවල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී ක්‍රීඩා  ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී සුපර් ලීග් තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50 ක් දිනාගත් කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම හා 1995 කොළඹ පැවැති සාග් රන් කුසලාන පාපන්දු තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා අතින් ජයසංකේත හා උපහාර ප්‍රදානය කළ අයුරු. 

දේශීය පාපන්දු ක්ෂේත්‍රයේ ක්‍රීඩකයන්, කණ්ඩායම්, විනිසුරුවන්, පුහුණුකරුවන් හා පරිපාලන නිලධාරීන් ගණනාවක්ම එහිදී ඇගයීමට ලක් කෙරුණි. 1995 කොළඹදී පැවැති දකුණු ආසියානු (එවකට සාක් රන් කුසලාන) පාපන්දු ශූරතාවලිය ජය ගැනීම ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉහළම ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණය ලෙස සැලකේ. 

මෙහිදී උපහාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට එදා තරගාවලියේද නායකත්වය ලබාදුන් සම්පත් පෙරේරා ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සහභාගී වූහ.

ඔවුන් වෙනුවෙන් මුදල් තිළිණයක් බැගින්ද මෙම අවස්ථාවේදී ප්‍රදානය විය. එවකට පාපන්දු සම්මේලනයේ සභාපතිධුරය දැරුවේ අභාවප්‍රාප්ත ජේ.සී. ආනන්ද රාජා මහතා විසිනි. 

පළමු වතාවට අර්ධ වෘත්තීය මට්ටමෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අනුග්‍රහයෙන් කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් පවත්වා අවසන් කළ සුපර්ලීග් තරගාවලියේ ශූරතාව කොළඹ ප්‍රබලතම ක්‍රීඩා සමාජ රැසක් අභිබවමින් දිනා ගත්තේ කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම විසිනි. 

සුපර් ලීග් තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන් (ගෝල්ඩන් බූට්ස්) සම්මානයත් එමෙන්ම දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව (ගෝල්ඩන් බෝල්) සම්මානයත් බ්ලූස්ටාර්ස් කණ්ඩායමේ ෂෙනාල් සන්දේෂ් විසින් දිනා ගන්නා ලදී. 

එහිදී ප්‍රතිවාදීන්ට එරෙහිව වැඩිම ගෝල ගණනක් වළක්වාලමින් ‘‘රන් දෑත’’ (ගෝල්ඩන් ග්ලවුස්) සම්මානය දිනා ගත්තේ සී-හෝක්ස් හෙවත් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ නිත්‍ය දැල් රකින්නා වන උදයංග පෙරේරා විසිනි. 

හොඳම නැගී එන ක්‍රීඩකයාට හිමි සුපර් ලීග් තරගාවලියේ සෙසු සම්මානය 17 හැවිරිදි මොහොමඩ් ඉෂාන් මෙම සම්මාන රාත්‍රියේදී ක්‍රීඩා ඇමැතිවරයා අතින් ලැබීය. ඔහුත් ජයග්‍රාහී බ්ලූස්ටාර්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකි. 

සම්මාන රාත්‍රියේදී කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා අතින් කුසලාන ප්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතාද මෙහි වෙති. 

1995 සාග් රන් කුසලාන ශූරයෝ සම්මාන රාත්‍රියේදී උපහාර ලැබූ අයුරු. 

සුපර් ලීග් තරගාවලියේ විනයගරුකම කණ්ඩායම ලෙස ඩිෆෙන්ඩර්ස් - යුද හමුදා කණ්ඩයමත්, එහි හොඳම විනිසුරු ලෙස තරංග පුෂ්පකුමර මහතාත්, හොඳම සහය විනිසුරු ලෙස බුද්ධික ඩයස් මහතාත්, හොඳම පුහුණුකරු ලෙස බ්ලූස්ටාර්ස් ක්‍රීඩා සමාජ පුහුණුකරු මොහොමඩ් ඉෂාන් මහතාත් මෙම සම්මාන රාත්‍රියේදී ඇගයීමට ලක්වූහ.

 


අදහස් (0)

කළුතර බ්ලූ ස්ටාර්ස්ට සම්මාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.