Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇන්ඩි ෆ්ලවර්ටත් කොරෝනා

ඇන්ඩි ෆ්ලවර්ටත් කොරෝනා

editorial - 2021 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“ද හන්ඩ්‍රඩ්” තරගාවලියට එක්වී සිටින ඇන්ඩි ෆ්ලවර් මහතාට කොරෝනා වයිරසය ආසාධනයවී ඇති බව එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇත. ටේ‍රන්ට් රොකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඇන්ඩි ෆ්ලවර් මහතා කටයුතු කරන්නේය.

ඇන්ඩි ෆ්ලවර් මහතාගේ ලඟම සාමාජිකයන් ලෙස ටේ‍රන්ට් රොකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වන ස්ටීවන් මුලනි සහ නම සඳහන් නොකල සහයක කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු හදුනාගෙන ඇත.

ඒ අනුව ෆ්ලවර් මහතා දින 10 ක කාලයක් ස්වයං නිරෝධායනයකට ලක්කර ඇති අතර ඉදිරි තරග සඳහා ඔහු වෙනුවට පුහුණුකරු ලෙස පෝල් ෆ්‍රෑන්ක් මහතා පත්කර ඇත.
එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක ජෝ රූට්ද “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේදී ටේ‍රන්ට් රොකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබේ.

ඇන්ඩි ෆ්ලවර් මහතාගේ නිවුන් සහෝදරයා වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුලෙස කටයුතු කරන ග්‍රෑන්ට් ෆ්ලවර් මහතාටද කොරෝනා වයිරසය ආසාධනයවීම හේතුවෙන් පසුගියදා ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය.


- 2079

 


අදහස් (0)

ඇන්ඩි ෆ්ලවර්ටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.