Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ කාන්තා විස්සයි20 කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීත් කෞර්, උපනායිකා ස්මි්‍රති මන්දනා, ශෆාලී වර්මා, දීප්ති ෂර්මා සහ ජෙමීමා රොඩ්‍රිගූස් යන ක්‍රීඩිකාවන් එංගලන්තයේ පැවැත්වීමට නියමිත සමාරම්භක පන්දු 100 තරගාවලිය හෙවත් ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
පිරිමි සහ කාන්තා කණ්ඩායම් අට බැගින් සහභාගී වන මෙම තරගාවලිය පන්දු 100 කින් යුත් තරගාවලියකි.
ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනත් රටවල් වල පැවැත්වෙන මුදල් මත පදනම්වූ තරගාවලියන්ට ක්‍රීඩා කිරීම තහනම් කර ඇති මොහොතක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මොවුන්ට මෙම තරගාවලියට එක්වීමට අවසර ලබාදී ඇත.
හර්මන්ප්‍රීත් කෞර් සහ යොවුන් පිතිකාරිණි ෂෆාලි වෙර්මා පිළිවෙලින් මැන්චෙස්ටර් ඔරිජිනල්ස් සහ බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම් නියෝජනය කරති.
විස්සයි20 කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන 17 හැවිරිදි ෂෆාලි වෙර්මා නවසීලන්තයේ සොෆී ඩෙවින් වෙනුවට බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම සමගින් එකතු වන අතර දීප්ති ෂර්මා ලන්ඩන් ස්පිරිට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන්නීය.
ස්මි්‍රති මන්දනා, එංගලන්තයේ ඩැනී වයිට් සමගින් සදර්න් බ්‍රේව් පිලේ ආරම්භක පිතිකාරිණියන් ලෙස කටයුතු කරනු ඇත. ජෙමීමා රොඩ්්‍රගූස් නොදර්න්ස් සුපර්චාර්ජර්ස් පිලට එක්වනු ඇත.
“ද හන්ඩ්‍රඩ්’ පළමු තරඟාවලියට ක්‍රීඩා කිරීමට ලැබීම සතුටට කරුණක්” යැයි හර්මන්ප්‍රීත් කෞර් විසින් තරගාවලියේ නිලවෙබ් අඩවියට අදහස් දක්වා ඇත.
“විශේෂයෙන් මෙතරම් විශාල ක්‍රීඩාංගණයක කාන්තා තරගාවලියක් පැවැත්වීම මගින් අලුත් ඉතිහාසයක් නිර්මාණය වෙයි. අපි ඉන්දියාවේදී සාමාන්‍ය විශාල ජනකායක් ඉදිරිපිට ක්‍රීඩා කර ඇති අතර එය සැමවිටම ක්‍රීඩකයින්ට හොඳ අත්දැකීමක් වෙනවා” යැයි කෞර් විසින් වැඩිදුරටත් පවසා ඇත.
‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලිය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසර දක්වා කල් දමනු ලැබීය. ලබන මස 21 සිට ඕවල් ඉන්වින්සිබල්ස් සහ මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම් අතර ලන්ඩන්හිදී පැවැත්වෙන කාන්තා තරගයත් සමඟින් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.
“ඉන්දියානු කණ්ඩායමේ සමහර සුපිරි ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය අවසාන මොහොතේ තහවුරු කිරීමට හැකිවීම සතුටක්. ඔවුන් අතිශයින්ම සිත් ඇදගන්නා ක්‍රීඩිකාවන් කණ්ඩායමක් වන අතර ඔවුන් තරඟයට බොහෝ දේ ගෙන එනු ඇත.” යැයි ද හන්ඩ්‍රඩ් කාන්තා තරගාවලියේ ප්‍රධානී බෙත් බැරට් වයිල්ඩ් මහත්මිය පැවසුවාය.
“මට ජූලි 21 වන තෙක් බලා ඉන්න බෑ, මට මුළු තරගාවලියම පැවැත්වෙන තෙක් බලා ඉන්න බෑ. මෙම ලෝක මට්ටමේ ක්‍රීඩකයින් ඔවුන් කරන හොඳම දේ කරන ආකාරය රසිකයන් බලා සිටින තෙක් මට බලා ඉන්න බෑ” යැයි ඇය වැඩිදුරටත් පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.