Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එක්දින තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

එක්දින තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

editorial - 2021 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිචෙල් ස්ටාර්ක් (43/3) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. බාබඩෝස්හි කෙන්සින්ග්ටන් ඕවල්හිදී ඊයේ (26 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 6 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාවට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 45.1 කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි.

ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 66 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස්කරමින් කොදෙව් ඉනිම අවසන් වනතුරු කඩුල්ලේ රැඳී සිටියහ.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ එවින් ලුවිස් පමණක් යම් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කළද සෙසු කොදෙව් පිතිකරුවන්ට පිත්තෙන් දස්කම් දැක්වීමට අවස්ථාවක් හිමිනොවූහ. මිචෙල් ස්ටාර්ක් කඩුලු 3 ක් ද ජොෂ් හේසල්වුඩ්, ඇඩම් සම්පා සහ ඇෂ්ටන් ආගර් කඩුලු 2 බැගින් කොදෙව් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 30.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

පන්දු 52 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 51 ක් ලබාගත් මැතිව් වේඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ඇෂ්ටන් ආගර් ලකුණු 19 ක් ලබාගනිමින් නොදැවී අනෙක් අන්තයේ රැඳී සිටියේය.


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී 152
(එවින් ලුවිස් නොදැවී 55, මිචෙල් ස්ටාර්ක් 43/3, ජොෂ් හේසල්වුඩ් 18/2, ඇඩම් සම්පා 29/2, ඇෂ්ටන් ආගර් 31/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 30.3 කදී කඩුලු 4 ක් දැවී 153
(ඇලෙක්ස් කේරී 35, මිචෙල් මාෂ් 29, මැතිව් වේඩ් නොදැවී 51, ඇෂ්ටන් ආගර් නොදැවී 19)

- 2079


අදහස් (0)

එක්දින තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.