Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කැරිබියන් ප්‍රීමියර් ලීග් ශූරතාව ශාන්ත කිට්ස්ට

කැරිබියන් ප්‍රීමියර් ලීග් ශූරතාව ශාන්ත කිට්ස්ට

editorial - 2021 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩොමිනික් ඩ්‍රාක්ස්ගේ (නොදැවී 48) වේගවත් පිතිහරඹය සමගින් පළමු වරට කැරිබියන් ප්‍රීමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ශාන්ත කිට්ස් සහ නෙවිස් පැටි්‍රයෝට්ස් කණ්ඩායම ඊයේ (15 වැනිදා) සමත්විය. ශාන්ත ලුසියා කිංග්ස් පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගනිමින් ශූරතාවට හිමිකම් කීමට ශාන්ත කිට්ස් සහ නෙවිස් පැටි්‍රයෝට්ස් පිලට හැකිවිය. ශාන්ත ලුසියා කිංග්ස් පිලට පිට පිට දෙවැනි වරටත් අනුශූරතාවෙන් සෑහිමට පත්වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත කිට්ස් සහ නෙවිස් පැටි්‍රයෝට්ස් පිල 20 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා ශාන්ත කිට්ස් සහ නෙවිස් පැටි්‍රයෝට්ස් පිලට ලකුණු 9 ක් අවශ්‍යවූ අතර ඩොමිනික් ඩ්‍රාක්ස් සහ නසීම් ෂා ඉලක්කය කරා සිය කණ්ඩායම රැගෙන යාමට සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ඩොමිනික් ඩ්‍රාක්ස් පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 48 ක් ලබාගැනිමට සමත්විය.

ප්‍රවේගාරී පිතිකරුවන් වූ ක්‍රිස් ගේල් (0), එවින් ලුවිස් (6) සහ ඞ්වයින් බ්‍රාවෝ (8) අසාර්ථක වනවිට ඩොමිනික් ඩ්‍රාක්ස්, ජොශුවා ද සිල්වා (37), ශර්ෆේන් රදර්ෆෝර්ඞ් (25) සහ ෆේබියන් ඇලන් (20) පිත්තෙන් දස්කම් දැක්වූහ.

ශාන්ත ලුසියා කිංග්ස් පිලේ නායක ඇන්ඩි්‍ර ෆ්ලෙචර් පන්දු යවන්නන් 7 දෙනෙකු උපයෝගී කරගත්තද ශාන්ත කිට්ස් සහ නෙවිස් පැටි්‍රයෝට්ස් පිලේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත්  විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ලුසියා කිංග්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවි ලකුණු 159 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු රඛීම් කෝන්වෝල් පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් ද, රොස්ටන් චේස් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 43 ක් ද ලබාගනිමින් ශාන්ත ලුසියා කිංග්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් බවට පත්වූහ.

නමුත් මැද පෙළ පිතිකරු කීමෝ පෝල් පන්දු 21 කදී හයේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 39 ක් රැස්කරමින් ශාන්ත ලුසියා කිංග්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

ශාන්ත කිට්ස් සහ නෙවිස් පැටි්‍රයෝට්ස් පිලේ නායක ඞ්වයින් බ්‍රාවෝ පන්දු යැවීම සඳහා ක්‍රීඩකයන් 6 දෙනෙකු යොදාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරතවූ ෆේබියන් ඇලන් සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුල්ලක් දවාගත්තේය. නසීම් ෂා සහ ෆවාඞ් අහ්මඞ් කඩුලු 2 බැගින්ද, ඩොමිනික් ඩ්‍රාක්ස් සහ ජෝන්-රස් ජෙගසර් කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශාන්ත කිට්ස් සහ නෙවිස් පැටි්‍රයෝට්ස් පිලේ ඩොමිනික් ඩ්‍රාක්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා විට ශාන්ත ලුසියා කිංග්ස් පිලේ රොස්ටන් චේස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.

විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ තරග 500 ක් ක්‍රීඩාකළ දෙවැනි ක්‍රීඩකයා බවට ඞ්වයින් බ්‍රාවෝ පත්වූ අතර මින් පෙර කරන් පොලාඞ් එම දස්කම කර තිබුණි. විස්සයි20 තරගාවලි 15 කදී අවසන් තරගය ජයගත් කණ්ඩායමක සාමාජිකයකු බවට පත්වූ බ්‍රාවෝ, මින් පෙර කරන් පොලාඞ් තබා තිබූ වාර්තාව සම කිරීමට සමත්විය.

කැරිබියන් ප්‍රීමියර් ලීග් අවසන් තරග 5 ක ජයග්‍රාහි කණ්ඩායමේ සාමාජිකයකු වූ පළමු ක්‍රීඩකයා ඞ්වයින් බ්‍රාවෝ වූ අතර කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලි 4 කදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවිමට ඔහු සමත්විය.

 

ශාන්ත ලුසියා කිංග්ස් - ඕවර 20 කදි කඩුලු 7 ක් දැවී 159
(රඛීම් කෝන්වෝල් 43, රොස්ටන් චේස් 43, කීමෝ පෝල් 39, නසීම් ෂා 26/2, ෆවාඞ් අහ්මඞ් 32/2)

ශාන්ත කිට්ස් සහ නෙවිස් පැටි්‍රයෝට්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 160
(ජොශුවා ද සිල්වා 37, ශර්ෆේන් රදර්ෆෝර්ඞ් 25, ඩොමිනික් ඩ්‍රාක්ස් නොදැවී 48, ෆේබියන් ඇලන් 20, වහබ් රියාස් 36/2)


අදහස් (0)

කැරිබියන් ප්‍රීමියර් ලීග් ශූරතාව ශාන්ත කිට්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.