Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්ත ක්‍රීඩකයෝ බියවී ආපසු යති

නවසීලන්ත ක්‍රීඩකයෝ බියවී ආපසු යති

editorial - 2021 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයක් තිබියදී පාකිස්තානයේ සංචාරය අතහැර දැමීමට නවසීලන්තය තීරණය කර තිබේ. ආරක්‍ෂක හේතුන් මත මෙම තීරණය ගැනීමට තමන්ට සිදුවූ බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය කියයි.

නවසීලන්තය සහ පාකිස්තානය අතර පළමු එක්දින තරගය අද (17 වැනිදා) රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් කණ්ඩායම් දෙකින් එකක් හෝ තමන් නතරවී සිටින හෝටලවලින් පිටතට නොපැමිණියහ. තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන් කිසිවකුට ක්‍රීඩාංගණයට ඇතුළුවීමටත් අවසර නොලැබිණ.

මේ වන විට පාකිස්තානයේ රැඳී සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හැකි ඉක්මනින් පාකිස්තානයෙන් පිටවීමට සූදානම් වෙමින් සිටී. පාකිස්තානයේ තිබෙන අනතුරුදායක තත්ත්වය කුමක්ද යන්න හෝ ක්‍රීඩකයන් නැවතත් නවසීලන්තයට ගෙන්වාගන්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර හෙළිදරව් කිරීම නවසීලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි.

කිසියම් අවිනිශ්චිත හේතු කිහිපයක් මත අද දිනයේ තරගය ආරම්භ කිරීම ප්‍රමාද විය. එහෙත් කිසිවෙක් ඊට හේතු ඉදිරිපත් නොකළහ. නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ නිවේදනයකින් පසුව පළමු එක්දින තරගය මෙන්ම තරග 3 කින් සමන්විත තරගාවලියම අතහැර දමන ලදි.

“පාකිස්තානයේ පවතින ආරක්‍ෂාව සම්බන්ධයෙන් නවසීලන්ත රජයේ තක්සේරුව අනුව අවදානම් තත්ත්වය ඉහළ යාමත්, අපගේ ආරක්‍ෂක විශේෂඥයන්ගේ අවවාදත් අනුව මෙම තරගාවලියේ ඉදිරියට යාමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම බලාපොරොත්තු නොවේ” යයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබිණ.
“මෙම තීරණය පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට අනපේක්‍ෂිත ප්‍රහාරයක් වැනි දෙයක් බව මා පිළිගන්නවා.

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඉතාමත් ප්‍රියමනාප සත්කාරකයක් බවටත් විවාදයක් නෑ. ඒත් ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව අපගේ අංක 1 අවධානයයි. එබැවින් මේ වෙලාවේ ගතහැකි හොඳම පියවර මේකයි” යයි නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් වයිට් මහතා අන්තර්ජාතික මාධ්‍ය වෙත පවසා තිබිණ.

රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරග 3 න් පසුව පාකිස්තානය සහ නවසීලන්තය අතර ලාහෝර් නුවරදී විස්සයි-20 තරග 5 ක් පැවැත්වීමටද සූදානම් කර තිබිණ. නවසීලන්ත කණ්ඩායමක් පාකිස්තානයට පැමිණියේ වසර 18 කට පසුවය.

මෙම තරගාවලිය ඉදිරියේදී පැවැත්වවීම සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කරනු ඇත.

- 213


අදහස් (0)

නවසීලන්ත ක්‍රීඩකයෝ බියවී ආපසු යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.