Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මයික් හෙන්ඩ්‍රික් සමුගනී

මයික් හෙන්ඩ්‍රික් සමුගනී

editorial - 2021 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු එංගලන්ත වේගපන්දු යවන්නකු වූ මයික් හෙන්ඩ්‍රික් මහතා සිය ජීවන ගමනට සමුදුන් බව ඔහුගේ අවසන් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමවූ ඩර්බිෂයර් නිවේදනයක් නිකුත් කර ඇත.

මිය යනවිට 72 හැවිරිදි වියේ පසුවූ හෙන්ඩ්‍රික් මහතා බඩවැල් සහ අක්මාවේ පිළිකාවකින් පෙළෙමින් සිට ඇත.

“තමා පිටත්වීමේ විවේකාගාරයේ සිටින නමුත් ගුවන් ගමන තවමත් පිටව ගොස් නැති බව” 1981 දී පැවැති අළු බඳුන ජයග්‍රහණයේ 40 වන සංවත්සරය වෙනුවෙන් ටයිම්ස් සඟරාව විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ලිපියක මයික් හෙන්ඩ්‍රික් විසින් හිටපු එංගලන්ත නායක මයික් ඇතර්ටන්ට පවසා ඇත.

ඕස්ට්‍රේලියාවට එරෙහි එම සුප්‍රසිද්ධ තරගමාලාවේ තරග 2 කට පමණක් හෙන්ඩ්‍රික් ක්‍රීඩා කළ අතර  නොසිතූ ලෙස එය ඔහුගේ අවසන් එංගලන්ත නියෝජනයද විය. 1977 සහ 1978/79 දී අළු බඳුන තරගාවලියන්හිදී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය ප්‍රමුඛ චරිතයකි.

1973 සිට 1981 දක්වා කාලය තුළ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 30 කදී කඩුලු 87 ක් සහ එක්දින තරග 22 කදී කඩුලු 35 ක් දවාගැනීමට මයික් හෙන්ඩි්‍රක් සමත්විය.

හිටපු නොටිංහැම්ෂයර් සහ ඩර්බිෂයර් පන්දු යවන්නකු වූ මයික් හෙන්ඩ්‍රික් 1984 දී සිය පළමු පෙළ තරග දිවිය අවසන් කරන විට තරග 267 කදී කඩුලු 770 ක් ලබා ගෙන තිබුණි.

- 2079

 


අදහස් (0)

මයික් හෙන්ඩ්‍රික් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.