Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශාස්ත්‍රී ඉවත්වෙන්න සැරසෙයි

ශාස්ත්‍රී ඉවත්වෙන්න සැරසෙයි

editorial - 2021 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රී මහතා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඔහුගේ වත්මන් කොන්ත්‍රාත් කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් මාසයේදීය. එහෙත් ඒ වෙනුවෙන් තවත් සේවා දිගුවක් ලබාගැනීමට ඔහුගේ අදහසක් නැති බවද දැනගන්නට තිබේ.

ජාතික කණ්ඩායමට නව පුහුණුකරුවකු සොයාගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අලුතෙන් දැන්වීම් පළකිරීමට සූදානම් වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කණඩායමේ පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් රවී ශාස්ත්‍රී මහතා පත්කරන ලද්දේ 2017 දීය. එතැන් පටන් ඔහුගේ ගුරුහරුකම් යටතේ ඓතිහාසික ජයග්‍රහණ රැසක්ම අත්පත් කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේය. පසුගිය ඕස්ටේ්‍රලියානු ගිම්හානයේදී ටෙස්ට් තරගාවලියකින් ඕස්ටේ්‍රලියාව පරාජය කිරීම මෙන්ම සති කිහිපයකට පෙර එංගලන්තයේදී පැවැති පතව්දි කුසලාන ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය 2-1 ක් ලෙසින් පරාජය කිරීමටද ඉන්දියානුවෝ සමත් වූහ. පතව්දි කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්විය නොහැකි විය.

ශාස්ත්‍රී මහතාගේ මූලික කොන්ත්‍රාත්තුව වසර 2019 දී අවසන් වූවද ඔහුගේ සාර්ථකත්වය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශාස්ත්‍රී මහතාට 2021 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා වසර දෙකක සේවා දිගුවක් දුන්නේය.

රවී ශාස්ත්‍රී මහතාගේ ඉවත් වීමෙන් පසුව නව පුහුණුකරු තනතුරට වඩාත්ම ආසන්නයෙන් සිටින්නේ හිටපු නායක රාහුල් ද්‍රාවිඞ් මහතා බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය එක්දින කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි රාහුල් ද්‍රාවිඞ් මහතා ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ මෙන්ම ඉන්දීය 19 න් පහළ කණ්ඩායමේත්, පසුව ජාතික ක්‍රිකට් විද්‍යායතනයේත්  පුහුණුකරුවා ලෙසින් කටයුතු කළේය.


- 213


අදහස් (0)

ශාස්ත්‍රී ඉවත්වෙන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.