Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සංගා කීර්තිධරයන්ගේ නාමාවලියට

සංගා කීර්තිධරයන්ගේ නාමාවලියට

editorial - 2021 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම්කරනු ලබන කීර්තිධරයන්ගේ නාමාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතාත් ඇතුළත් කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (13 වැනිදා) සවස නම් කරන ලද 10 දෙනකුගෙන් යුත් කීර්තිධරයන්ගේ නාමාවලියට සංගක්කාර මහතා ඇතුළත් වී තිබේ.

මෙම නාමාවලියට එක්වූ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාර මහතාය. මීට පෙර මුත්තයියා මුරලිදරන් මෙම නාමාවලියට එක්වී සිටියේය. මුරලිදරන් මෙම නාමාවලියට එක්වූයේ වසර 2016 දී ය.

ඒ වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද හිස් වැස්මක් (කැප් තොප්පියක්) අදාළ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට පිරිනැමේ.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය හා එක්ව වසර 2009 දී හඳුන්වාදෙන ලද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කීර්තිධරයන්ගේ නාමාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශත සංවත්සරය හා බැඳුනකි. ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික වීරයන්ගේ දස්කම් තක්සේරු කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් වාර්ෂිකව ඊට ක්‍රීඩකයන් එක් කරනු ලැබේ. ඒ සඳහා මුලින්ම ඇතුළත් වූයේ හිටපු එංගලන්ත නායකයකු වූ ඇලෙක් බෙඩ්සර් සහ කොදෙව් පිලේ හිටපු ආරම්භක පිතිකරු ගෝර්ඩ්න් ග්‍රිනිජ් දෙදෙනාය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (13 වැනිදා) නිවේදනය කරන ලද කීර්තිධරයන්ගේ නාමාවලියට ඇතුළත් 10 දෙනාත් සමග මෙම සම්පූර්ණ නාමාවලියේ සිටින විශිෂ්ටයන් ගණන 103 ක් දක්වා ඉහළ යනු ඇත.


කීර්තිධරයන්ගේ නාමාවලියට අද දිනයේදී නම්කරන ලද ක්‍රීඩකයන් පහත දැක්වේ

ඕබ්රි ෆෝක්නර් (දකුණු අප්‍රිකාව), මොන්ටි නෝබල් (ඕස්ට්‍රේලියාව), ශ්‍රීමත් ලියරි කොන්ස්ටන්ටයින් (බ.ඉ.කොදෙව්), ස්ටැන්ලි මැකේබ් (ඕස්ට්‍රේලියාව), ටෙඩ් ඩෙක්ස්ටර් (එංගලන්තය), විනෝ මන්කාඩ් (ඉන්දියාව), ඩෙස්මන්ඩ් හේන්ස් (බටහිර ඉන්දීය කොදෙව්), බොබ් විලිස් (එංගලන්තය), ඇන්ඩි ෆ්ලවර් (සිම්බාබ්වේ) සහ කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)


කීර්තිධරයන්ගේ නාමාවලියේ සෙසු සාමාජිකයෝ

සහීර් අබ්බාස් (පාකිස්තානය), ලීසා ස්තෙල්කාර් (ඕස්ට්‍රේලියාව), ජැක් කලිස් (දකුණු අප්‍රිකාව), සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), කැත්රින් ෆිට්ස්පැට්රික් (ඕස්ට්‍රේලියාව), ඇලන් ඩොනල්ඩ් (දකුණු අප්‍රිකාව), රාහුල් ද්‍රාවිඩ් (ඉන්දියාව), රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව), ක්ලෙයාර් ටෙලර් (එංගලන්තය), ආතර් මොරිස් (ඕස්ට්‍රේලියාව), ජෝර්ජ් ලෝමෑන් (එංගලන්තය), කරන් රොල්ටන් (ඕස්ට්‍රේලියාව), මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව), වෙස්ලි හෝල් (බ.ඉ. කොදෙව්), බෙටී විල්සන් (ඕස්ට්‍රේලියාව), මාටින් ක්‍රෝ (නවසිලන්තය), අනිල් කුම්බල් (ඉන්දියාව), ඩෙබී හොක්ලි (නවසීලන්තය), බොබ් සිම්ප්සන් (ඕස්ට්‍රේලියාව), ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඕස්ට්‍රේලියාව), වකාර් යුනිස් (පාකිස්තානය), ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව), ඊනිඩ් බ්ලැක්වෙල් (එංගලන්තය), බ්‍රයන් ලාරා (බ.ඉ.කොදෙව්), ග්ලෙන් මැග්‍රාත් (ඕස්ට්‍රේලියාව), කෙන් බැරිංග්ටන් (එංගලන්තය), කර්ට්ලි ඇම්බ්‍රෝස් (බ.ඉ.කොදෙව්), බෙලින්ඩා ක්ලාක් (ඕස්ට්‍රේලියාව), ඇලන් ඩේවිඩ්සන් (ඕස්ට්‍රේලියාව), කපිල් දේව් (ඉන්දියාව), ජොයෙල් ගානර් (බ.ඉ.කොදෙව්), රේෂල් හේහෝ-ෆ්ලින්ට් (එංගලන්තය), කර්ට්නි වොල්ෂ් (බ.ඉ.කොදෙව්), ග්‍රැහැම් ගුච් (එංගලන්තය), ඉයන් චැපල් (ඕස්ට්‍රේලියාව), ලාන්ස් ගිබ්ස් (බ.ඉ.කොදෙව්), බැරී රිචඩ්ස් (දකුණු අප්‍රිකාව), ග්‍රෙග් චැපල් (ඕස්ට්‍රේලියාව), ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් (බ.ඉ.කොදෙව්), ස්ටීවන් වෝ (ඕස්ට්‍රේලියාව), ජෙෆ්රි බෝයිකොට් (එංගලන්තය), ඩබ්ලිව්. ජී. ග්‍රේස් (එංගලන්තය), පීටර් මේ (එංගලන්තය), හර්බට් සුට්ක්ලිෆ් (එංගලන්තය), ටොම් ග්‍රැවනි (එංගලන්තය), ජැක් හොබ්ස් (එංගලන්තය), ඉයන් බොතම් (එංගලන්තය), රිචී බෙනෝ (ඕස්ට්‍රේලියාව), බිෂන් සිං බෙඩී (ඉන්දියාව), රේමන්ඩ් ලින්ඩ්වෝල් (ඕස්ට්‍රේලියාව), කොලින් කවුඩ්රි (එංගලන්තය), ෆ්‍රෑන්ක් වූලි (එංගලන්තය), විල්ෆ්‍රඩ් රෝඩ්ස් (එංගලන්තය), වෝල්ටර් හැමන්ඩ් (එංගලන්තය), ඩෙරික් අන්ඩර්වුඩ් (එංගලන්තය), විවියන් රිචඩ්ස් (බ.ඉ. කොදෙව්), හනීෆ් මොහොමඩ් (පාකිස්තානය), කීත් මිලර් (ඕස්ට්‍රේලියාව), ජාවෙඩ් මියැන්ඩාඩ් (පාකිස්තානය), මැල්කම් මාෂල් (බ.ඉ. කොදෙව්), රොඩ්නි මාෂ් (ඕස්ට්‍රේලියාව), හැරල්ඩ් ලාවුඩ් (එංගලන්තය), සිඩ්නි බාර්න්ස් (එංගලන්තය), ඩෙනිස් ලිලී (ඕස්ට්‍රේලියාව), වික්ටර් ට්‍රම්පර් (ඕස්ට්‍රේලියාව), බිල් ඕ’රියලි (ඕස්ට්‍රේලියාව), ක්ලැරී ග්‍රිමිට් (ඕස්ට්‍රේලියාව), ෆෙඩ් ස්පෝෆිත් (ඕස්ට්‍රේලියාව), එවර්ටන් වීක්ස් (බ.ඉ. කොදෙව්), ෆෙඩ් ටෲමන් (එංගලන්තය), ක්ලයිව් ලොයිඩ් (බ.ඉ. කොදෙව්), රොහාන් කන්හායි (බ.ඉ. කොදෙව්), මයිකල් හෝල්ඩිං (බ.ඉ. කොදෙව්), ශ්‍රීමත් ලෙනාඩ් හට්න් (එංගලන්තය), ඩේවිඩ් ගවර් (එංගලන්තය), රිචඩ් හැඩ්ලි (නවසීලන්තය), නීල් හාවි (ඕස්ට්‍රේලියාව), සුනිල් ගවස්කාර් (ඉන්දියාව), ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් (බ.ඉ. කොදෙව්), බ්‍රයන් ස්ටේතම් (එංගලන්තය), ජෝර්ජ් හෙඩ්ලි (බ.ඉ.කොදෙව්), ඩෙනිස් කොම්ප්ටන් (එංගලන්තය), ජිම් ලේකර් (එංගලන්තය), ඇලන් නොට් (එංගලන්තය), ශ්‍රීමත් ක්ලයිඩ් වෝල්කොට් (බ.ඉ. කොදෙව්), ඇන්ඩි රොබට්ස් (බ.ඉ. කොදෙව්), ග්‍රේඒම් පොලොක් (දකුණු අප්‍රිකාව), ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව), ඇලන් බෝඩර් (ඕස්ට්‍රේලියාව), වසිම් අක්රම් (පාකිස්තානය), ඉම්රාන් ඛාන් (පාකිස්තානය), ගෝර්ඩ්න් ග්‍රිනිජ් (බ.ඉ. කොදෙව්) සහ ශ්‍රීමත් ඇලෙක් බෙඩ්සර් (එංගලන්තය)

 

- 213

 


අදහස් (0)

සංගා කීර්තිධරයන්ගේ නාමාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.