Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.පී.එල්. ඉතිරි කොටස සැප්:19 දා සිට

අයි.පී.එල්. ඉතිරි කොටස සැප්:19 දා සිට

editorial - 2021 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතය හේතුවෙන් අතර මඟ නතර කරන ලද 2021 ඉන්දීය ප්‍රීමයර් ලීග් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා සිට යළිත් ආරම්භ කිරීමට එහි සංවිධායකයන් කටයුතු යොදා ඇත. තරගාවලිය ආරම්භ කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.

තරගාවලියේ මූලික වටයේ තවත් තරග 27 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඉතිරිව ඇති අතර ඉන් 13 ක් ඩුබායිහිදීද, 10 ක් සජාහිදීද, සෙසු තරග 8 අබුඩාබිහිදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහි දිවා තරග එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ වේලාවෙන් පස්වරු 2.00 ටද, රාත්‍රී තරග එරට වේලාවෙන් පස්වරු 6.00 ටද ආරම්භ වීමට නියමිතය.

දිල්ලි කැපිටල්ස් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් මේ වන විට තරග 8 බැගින් ක්‍රීඩා කර ඇති අතර සෙසු කණ්ඩායම් 6 තවමත් ක්‍රීඩා කර ඇත්තේ තරග 7 බැගින් පමණි. මූලික වටයේ තරග ඔක්තෝබර් මස 8 වැනිදායින් නිමාවට පත්වන අතර ඔක්තෝබර් මස 10, 11 සහ 13 යන දිනවලදී අවසන් වටයේ තරග පැවැත්වේ. තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 15 වැනිදාය.

-036


අදහස් (0)

අයි.පී.එල්. ඉතිරි කොටස සැප්:19 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.