Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගයේ ජය මලියදේවයට

එක්දින තරගයේ ජය මලියදේවයට

editorial - 2023 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති 25 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 106 ක ජයක් වාර්තා කිරීමට මලියදේව විදුහල සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ආනා විදුහලට ඕවර 37.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි. එහිදී දක්ෂ පන්දු පන්දු යැවීමක නිරත වූ දිමත් අබේසිංහ ලකුණු 11 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මලියදේව විදුහල ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබාගත් අතර අමේෂ් තෙන්නකෝන් (51) එහිදී අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. 

මලියදේව විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 214
(අමේෂ් තෙන්නකෝන් 51, පසිඳු මේනක 42, ගයන වීරසිංහ 41, යෂ්මින් ජයසුන්දර 31/3, ගීතික ද සිල්වා 45/2, බසීර් ශකීල් 26/2, කෙවින් නානායක්කාර 42/2) 

ශාන්ත ආනා විදුහල - ඕවර 37.3 කදී සියලු දෙනා දැවී 108 
(ආදිත්‍ය නිර්වාන් 24, දිමත් අබේසිංහ 11/4, චාරුක හේරුත් 08/2) 

 


අදහස් (0)

එක්දින තරගයේ ජය මලියදේවයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.