Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.පී.එල්. ප‍්‍රවේශපත් අළෙවිය හෙට සිට

එල්.පී.එල්. ප‍්‍රවේශපත් අළෙවිය හෙට සිට

editorial - 2021 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. තරගාවලිය සඳහා වන ප‍්‍රවේශපත් හෙට සිට මිලදීගත හැක. මෙම ප‍්‍රවේශපත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අළෙවි කෙරේ. කෙසේ වෙතත් එල්.පී.එල්. තරග පැවැත්වෙන කොළඹ ආර්. පේ‍්‍රමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණවල සමස්ථ පේ‍්‍රක්‍ෂක ධාරිතාවෙන් 50% කට පමණක් ප‍්‍රවේශපත් අළෙවි කෙරේ.

රුපියල් 300 ක්, රුපියල් 1000 ක්, රුපියල් 3000 ක් සහ රුපියල් 5000 ක් බැගින් වන කාණ්ඩ 4 කින් යුත් ප‍්‍රවේශපත් කි‍්‍රකට් ලෝලීන්ට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් මිලදී ගත හැකිය. නැතහොත් අන්තර්ජාලය ඔස්සේ bookmyshow.com හෝ daraz.lk යන වෙබ් අඩවි වලින් මිලදී ගත හැකිය. මෙම වෙබ් අඩවි වලින් මිලදීගන්නා ප‍්‍රවේශපත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රවේශපත් කවුළුවෙන් නිකුත් කෙරේ.  

කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් දෙකම ලබාගත් පේ‍්‍රක්‍ෂකයන්ට පමණක් කී‍්‍රඩාංගණවලට ඇතුළු විය හැකිය. එබැවින් සියලූම පේ‍්‍රක්‍ෂකයන් තමන්ගේ කොරෝනා එන්නත් කාඞ්පත හෝ එහි අංකිත රූපයක් තමන් ළඟ තබාගත යුතුය.

කී‍්‍රඩාංගණයට ඇතුළු වීමට දින 14 කට පෙර දෙවැනි එන්නත ලබාගත යුතුව තිබේ.

තරගාවලියේ පළමු තරගය සඳහා ප‍්‍රවේශපත් මිලදීගන්නා අයට හෙට (05 වැනිදා) පැවැත්වෙන සමාරම්භක උත්සවය නැරඹීම සඳහා පස්වරු 4.00 සිට කී‍්‍රඩාංගණයට ඇතුළු විය හැකිය. සමාරම්භක උත්සවය පස්වරු 6.00 ට ආරම්භ කෙරේ.

- 213

 


අදහස් (0)

එල්.පී.එල්. ප‍්‍රවේශපත් අළෙවිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.