Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෘශ්‍යාබාධිතයන්ගේ ලෝක කුසලාන තරගාවලියට යති

දෘශ්‍යාබාධිතයන්ගේ ලෝක කුසලාන තරගාවලියට යති

editorial - 2022 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෘශ්‍යාබාධිතයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අද (03 වැනිදා) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද මධ්‍යම රාත්‍රී 12.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 191 ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.

මේ මස 5 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන‍ ලෝක කුසලාන තරගාවලියට ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල කණ්ඩායම් සහභාගි වෙති. තුන්වැනි වරටත් පැවැත්වෙන තරගාවලිය විස්සයි-20 තරග ලෙසින් පැවැත්වේ. මේ මස 5 වැනිදාට යෙදෙන, ලෝක ආබාධිත දිනය වෙනුවෙන් තරගාවලිය එදින ආරම්භ කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම දමිත් සඳරුවන්ගේ නායකත්වයෙන් තරගාවලියට පිවිසෙයි. ඉන්දියාවේ නගර 9 කදී පැවැත්වෙන තරගාවලිය තරග 24 කින් සමන්විත වේ.

 

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේදී ආශිර්වාද ලබාගැනීමෙන් පසුව...


අදහස් (0)

දෘශ්‍යාබාධිතයන්ගේ ලෝක කුසලාන තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.