Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙවැනි දිනය වැස්සට සේදෙයි
ඩකා ටෙස්ට් තරගය

දෙවැනි දිනය වැස්සට සේදෙයි

editorial - 2021 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඩකා නුවර ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) වර්ෂාව හේතුවෙන් කී‍්‍රඩාව ඕවර 6.2 කට සීමා විය. දිවා ආහාරයෙන් අනතුරුව පස්වරු 12.50 ට පමණ ආරම්භ වූ තරගය 1.20 ට පමණ නතර කරන විට පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 188 ක් ලබා සිටියේය.

පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 161 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායම, අද කි‍්‍රයාත්මක කෙරුණ  ඕවර 6.2 දී සිය පළමු ඉනිමට තවත් ලකුණු ලකුණු 27 ක් එක්කර ගත්තේය. කෙසේ වුවත් එම පන්දු 38 තුළදී බංග්ලාදේශ පන්දු යවන්නන්ට එක් කඩුල්ලක් හෝ ලබා නොදීමට පාකිස්තාන පිතිකරුවෝ වග බලාගත්හ.

නායක බාබර් අසාම් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 71 ක්ද, අසාර් අලී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 52 ක්ද ලබා දෙවැනි දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැුදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 118 කි.


පාකිස්තාන පළමු ඉනිම - කඩුලූ 2 කට 188
(අබීඩ් අලී 39, අබ්දුල්ලා ශෆීක් 25, අසාර් අලී නොදැවී 52, බාබර් අසාම් නොදැවී 71, තයිජුල් ඉස්ලාම් 49/2)

-036

 


අදහස් (0)

දෙවැනි දිනය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.