Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

editorial - 2022 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෙට සිට ආරම්භ වන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රවේශපත් දැන් මිලදී ගත හැකිය. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුවෙන් මෙම ප්‍රවේශපත් ලබාගත හැකිය. සියලුම තරග පැවැත්වෙන දිනවලදී පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා එම කවුළුවේදී ප්‍රවේශපත් අළෙවි කෙරේ.  

www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේත් ප්‍රවේශපත් මිලදීගත හැකිය. රුපියල් 300, 500, 800, 2500, 3000, 7000 සහ 8000 යන වටිනාකම් අනුව ප්‍රවේශපත් මිලකර තිබේ.

පල්ලෙකැළේ සහ කොළඹදී පැවැත්වෙන තරගවල ප්‍රවේශපත් එම ක්‍රීඩාංගණවල තරග ආරම්භ කිරීමට දින තුනකට කලින් සිට අළෙවි කරනු ඇත. තරගාවලියේ පළමු වටයේ තරග හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි වටයේ තරග මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ. අවසන් වටයේ තරග සහ පිළමළුන් පිටුදැකීමේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගාවලියේ පළමු වටයේ තරග හෙට (6 වැනිදා) හම්බන්තොටදී ආරම්භ වෙයි.

යාපනය ‘කිංග්ස්’ සහ ගාල්ල ග්ලැඩියේටර්ස්’ කණ්ඩායම්ද, කොළඹ ‘ස්ටාර්ස්’ සහ මහනුවර ‘ෆෝල්කන්ස්’ කණ්ඩායම්ද හෙට තරග වදිති.

- 213


අදහස් (0)

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.