Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැන්න වොලිබෝල් ක්‍රීඩකයන්ට විනය පරීක්ෂණයක්

පැන්න වොලිබෝල් ක්‍රීඩකයන්ට විනය පරීක්ෂණයක්

editorial - 2022 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී නිමාවට පත්වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිටියදී එරටදී අතුරුදන් වී සිටින බව කියන ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් (පිරිමි) කණ්ඩාමේ ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටුව රැස්වී ගත් තීරණයකට අනුව එම විනය කමිටුවේ සභාපති ධුරය සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංගමයේ උප සභාපති ප්‍රියන්ත ජයකොඩි මහතා පත් කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති නිමල් පෙරේරා හා එහි තරග කමිටු ලේකම් ධනපාල ජයපත්ම යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙට සහභාගි වෙමින් සිටියදී අතුරුදන් වී ඇතැයි වාර්තා වන්නේ දකුණු ආසියානු හා ආසියානු ශූරතා වෙරළ වොලිබෝල් පදක්කම් කිහිපයක්ම මීට පෙර දිනා ඇති මලින්ත යාපා හා අෂේන් බණ්ඩාර යන ක්‍රීඩකයන් දෙදෙනාය.

කෙසේ වුවත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එංගලන්තයේ රැඳී සිටීම සඳහා මාස හයක් වලංගු දිගු වීසා කාලයක් ලැබී තිබේ.

එංගලන්ත ආගමන හා විගමන බලධාරීන් ප්‍රකාශ කරන්නේ එරටදී අතුරුදන් වූ බවට සැක කෙරෙන විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන්නේ වලංගු වීසා කාලය අවසන් වීමෙන් පසු බවයි.

- 223


අදහස් (0)

පැන්න වොලිබෝල් ක්‍රීඩකයන්ට විනය පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.