Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය අනිද්දා සිට

බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය අනිද්දා සිට

editorial - 2021 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය අනිද්දා (18 වැනිදා) සිට 20 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනය සූදානමින් සිටියි. ආසියානු චෙස් සම්මේලනය සංවිධානය කරන මෙම ඉසව්වට බටහිර ආසියානු රටවල් 15 ක ක‍්‍රීඩකයින් 1000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

අවුරුදු 8 න්, 10 න්, 12 න්, 14 න්, 16 න් සහ 18 න් පහළ බාලක හා බාලිකා යන වයස් කාණ්ඩ 12 යටතේ මෙම ඉසව්ව පැවැත්වේ. ඉන්දියාව ක‍්‍රීඩකයින් 378 දෙනෙකුගෙන් යුත් විශාලතම කණ්ඩායම ඉදිරිපත් කර ඇති අතර ශ‍්‍රී ලංකාව ද ක‍්‍රීඩකයින් 300 කට වැඩි පිරිසක් තරගාවලිය සඳහා ඉදිරිපත් කරයි.

ඉරානය ද ක‍්‍රීඩකයින් 161 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති අතර කසක්ස්තානය, කිර්ගිස්තානය, උස්බෙකිස්ථානය, බංගලාදේශය, නේපාලය, මාලදිවයින,  ඕමානය, කුවේට්, පලස්තීනය, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල්ද මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇත.

මෙම වසරේ සී.එෆ්.එස්.එල්. යොවුන් චෙස් ශූරතාවලියේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන්, නවතම 10 න් පහළ බාලිකා ලෝක චෙස් ශූරිය සහ ඔලිම්පියාඞ් චෙස් කණ්ඩායමට සුදුසුකම් ලත් ක‍්‍රීඩකයන්ද සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමද මෙම තරගාවලියට සහභාගි වනු ඇත.

මෙම තරඟාවලිය ස්විස් ක‍්‍රමය යටතේ වට 9 කින් පැවැත්වෙන අතර දිනකට තරගවට 3 ක් පැවැත්වේ. එහිදී ලෝක චෙස් සම්මේලනය විසින් අලූ‍තින් අනුමත කරන ලද අන්තර්ජාල චෙස් රෙගුලාසි අනුගමනය කෙරේ. තරගවලට සහභාගී වීමේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකවන්ට ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක භාවිතා කිරීම සඳහා පමණක් අවසරදී ඇති අතර, සූම් තාක්ෂණය ඔස්සේ විනිසුරුවන් ඔවුන්ව සමීපව නිරීක්ෂණය කරනු ඇත.

තරගාවලියේ ආරම්භක උත්සවය අනිද්දා (18 වෙනිදා) පෙරවරු 11.00 ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ආසියානු චෙස් සම්මේලනයේ සභාපති ෂෙයික් සුල්තාන් බින් කලීෆා අල් නේයාන් සමග ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වීමට නියමිතය.

ඕනෑම වයස් කාණ්ඩ ඉසව්වක ඕනෑම පදක්කමක් ජයග‍්‍රහණය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ආකර්ෂණීය මුදල් ත්‍යාග පිරිනැමීමට චෙස් සම්මේලනය කටයුතු සූදානම් කර ඇත.

-036


අදහස් (0)

බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය අනිද්දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.