Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම - ඩී.එස්. රන් සටන ජය පැරදුමක් නෑ

මහානාම - ඩී.එස්. රන් සටන ජය පැරදුමක් නෑ

editorial - 2023 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 17 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය මහානාම විදුහල තරගය නිමාවට පත්වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය. 

පළමු දිනය අවසානයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 120 ක් ලබා සිටි මහනාම විදුහල, දෙවැනි දිනයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 255 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා ඩී.එස්. සේනානායක විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කවිඳු අමමෙත් පන්දු 113 කින් ලකුණු 111 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි. 

ලකුණු 52 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩකයෝ, කඩුලු 5 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එහිදී හිමන්ත කේෂාන් හයේ පහර 5 ක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 114 ක් රැස්කළ අතර නායක මනුර පීරිස් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කළේය.

ඩී.එස්. සේනානායක පළමු ඉනිම - සියලු දෙනා දැවී 203 

මහානාම පළමු ඉනිම - සියලු දෙනා දැවී 255 
(කවිඳු අමමෙත් 111, කූජන පෙරේරා 24, අංජල බණ්ඩාර 82, අදීෂ බණ්ඩාර 70/4, සෙන්ර සිල්වා 60/2) 

ඩී.එස්. සේනානායක දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 242 
(හිමන්ත කේෂාන් 114, සෙනුර සිල්වා 31, මනුර පීරිස් නොදැවී 50, වෙනුක් හෙට්ටිආරච්චි 36/2) 

මහානාම දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 76 
(කවිඳු අමමෙත් 23, බනුල අල්ගෙවත්ත 25, කූජන පෙරේරා නොදැවී 17) 

 


අදහස් (0)

මහානාම - ඩී.එස්. රන් සටන ජය පැරදුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.