Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් පිල මෙහෙයවීමට වෙල්ලාලගේ

යොවුන් පිල මෙහෙයවීමට වෙල්ලාලගේ

editorial - 2021 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංගලාදේශ යොවුන් පිලට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය සඳහා නම් කළ 20 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ දුනිත් වෙල්ලාලගේට හිමිව ඇත. දුනිත් වෙල්ලාලගේගේ සහයකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වා පත්කර ඇත.

යොවුන් එක්දින තරගාවලිය හෙට (15 වැනිදා) රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ඉතිරි යොවුන් එක්දින තරග 4 මේ මාසයේ  18, 20, 23 සහ 25 යන දිනයන්හිදී පැවැත්වේ.

කොළඹ ශාන්ත ජෝසප්, කොළඹ ශාන්ත පීතර සහ කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙකු බැගින්ද, මහනුවර ත්‍රිත්ව, ගල්කිස්ස සාන්ත තෝමස්, කොළඹ නාලන්දා සහ රත්ගම දේවපතිරාජ විද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද, කොළඹ රාජකීය, මාතර ශාන්ත තෝමස් සහ අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩකයකු බැගින්ද ශ්‍රී ලංකා යොවුන් සංචිතයට එක්ව ඇත.

මෙම යොවුන් සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව ඇති අතර මේ වනවිට ඔව්හු ජෛව ආරක්‍ෂිත බුබුලක් යටතේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය

දුනිත් වෙල්ලාලගේ (නායක), රවීන් ද සිල්වා (උපනායක), ෂෙවොන් ඩැනියෙල්, පවන් පතිරාජ, සදීෂ රාජපක්ෂ, රයන් ප්‍රනාන්දු, හරිඳු ජයසේකර, සදීෂ් ජයවර්ධන, ළහිරු දවටගේ, වනුජ සහන් කුමාර, මල්ෂ තරුපති, ජීවක ශෂීන් රෂ්මිත, ටේ‍රවීන් මැතිව්, සසංක නිර්මාල්, දනාල් හේමානන්ද, යසිරු රොද්‍රිගු, මතීෂ පතිරණ, චමිඳු වික්‍රමසිංහ, ළහිරු අබේසිංහ සහ විනුජ රන්පුල්.

- 2079


අදහස් (0)

යොවුන් පිල මෙහෙයවීමට වෙල්ලාලගේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.