Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝකඩ පදක්කම් ලාභී ඉසුරු එයි

ලෝකඩ පදක්කම් ලාභී ඉසුරු එයි

editorial - 2022 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 55 බර පංතිය යටතේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් තරග කර, එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් වයි.ඩී. ඉසුරු කුමාර  අද (11 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් මව්බිමට පැමිණියේය .

ඉසුරු කුමාර පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි .

එයට සහභාගී වීම සදහා ඉසුරු කුමාර ක්‍රීඩකයාගේ සොහොයුරා , ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති එච්.පී.ආර්.බණ්ඩාර සහ ශ්‍රී ලංකා යුද හමුදා නියෝජ්‍ය  ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් ශ්‍රීනාත් ගාල්ලගේ ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

ඉසුරු කුමාර කටුනායක ගුවන් තොටුපළේ දී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා යුද හමුදාවටත් , ශ්‍රී ලංකා බර ඉඉසිලීමේ සම්මේලනයටත් සිය ස්තුතිය පළ කළ අතර අනාගතයේ දී තම මව්බිමට ඔලිම්පික් පදක්කමක් මෙම ඉසව්වෙන් රැගෙන ඒම තම අරමුණ බව ද පැවසීය .

 


අදහස් (0)

ලෝකඩ පදක්කම් ලාභී ඉසුරු එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.