Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශම්ෂි වෙනුවට නූර් අහමඞ් කැඳවයි

ශම්ෂි වෙනුවට නූර් අහමඞ් කැඳවයි

editorial - 2021 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධානම විදෙස් කී‍්‍රඩකයා බවට පත්ව සිටි දකුණු අපි‍්‍රකාවේ තබ්‍රේස් ශම්ෂි, ගමනාගමන ගැටලූ හේතුවෙන් තමාට මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට සහභාගි විය නොහැකි බව දන්වා ඇත.

අපි‍්‍රකානු මහද්වීපය තුළ පැතිර යමින් පවතින කොරෝනා වයිරසයේ නවතම ඔමික්‍රෝන් ප‍්‍රභේධය හේතුවෙන් මේ වන විට දකුණු අපි‍්‍රකාව බොහෝ රටවල රතු ලැයිස්තුවට එක්ව ඇති අතර බොහෝ ගුවන් ගමන් සේවා දකුණු අපි‍්‍රකාව තුළට සහ ඉන් පිටතට පියාසර කිරීම නවතා තිබේ.

ශම්ෂිගේ හිඩැස පිරවීම සඳහා වමතින් දඟ පන්දු යවන ඇෆ්ඝනිස්ථාන කී‍්‍රඩක නූර් අහමඞ් සිය කණ්ඩායමට කැඳවීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරුවෝ පියවර ගෙන ඇත. තවමත් 16 වැනි වියේ පසුවන අහමඞ් මේ දක්වා විස්සයි-20 තරග 25 කදී බිඳහෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 25 කි.

මින් පෙර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී කරච්චි කිංග්ස් කණ්ඩායමට සහ  ඕස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් තරගාවලියේදී මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායමට කී‍්‍රඩා කර ඇති අහමඩ්, අද (5 වැනිදා) ගෝල් ගැල්ඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු තරගයට කී‍්‍රඩා කළේය.

 


අදහස් (0)

ශම්ෂි වෙනුවට නූර් අහමඞ් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.