Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සර්වේෂස් විදුහල වැඩි ගෞරව දිනයි

ශාන්ත සර්වේෂස් විදුහල වැඩි ගෞරව දිනයි

editorial - 2023 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මාතර ශාන්ත තෝමස් විදුහල සහ ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති 123 වැනි ‘රුහුණු නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 67 ක ඉලක්කයක් හඹා ගිය ශාන්ත සර්වේෂස් විදුහල තරගය නිමාවට පත්වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 4 ක් ලබා සිටියේය. 

දෙවැනි දිනය අවසානයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 246 ක් ලබා සිටි ශාන්ත සර්වේෂස් විදුහල, අවසන් දිනයේදී සිය කණ්ඩායමට තවත් 100 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අතිහිටුවා ශාන්ත තෝමස් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී විෂ්ව සුපුන් (100) ශතකයක් ලබාගත් අතර චමරිඳු නෙත්සර (79) සහ විරාන් චමුදිත (52) අර්ධ ශතක ලබාගත්හ. 

ලකුණු 105 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත තෝමස් විදුහලට තිසන් දෙව්මිත් ප්‍රමුඛ ශාන්ත සර්වේෂස් විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ 171 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දෙව්මිත් ලකුණු 37 කට කඩුලු 7 ක් බිඳහෙළමින් ශාන්ත තෝමස් ඉනිම සුනුවිසුණු කර දැමුවේය. 

ශාන්ත තෝමස් පළමු ඉනිම - ඕවර 111.4 කදී සියලු දෙනා දැවී 241 
(ඔචින්ත චාමික 79, පෙසඳු සංජන 35, ලෝෂිත දික්සිත් නොදැවී 25, සෙනුර පෙරේරා 21, තිසන් දෙව්මිත් 49/4, චතුම් බිමිසර 29/2, කුෂාන් මාලින්ද 42/2) 

ශාන්ත සර්වේෂස් පළමු ඉනිම - ඕවර 74 කදී කඩුලු 6 ක් දැවී 346 
(විෂ්ව සුපුන් නොදැවී 100, චමරිඳු නෙත්සර 79, විරාන් චමුදිත 52, දිනුර අබේවික්‍රමසිංහ 43, තරුෂ් දමින්ද නොදැවී 22) 

ශාන්ත තෝමස් දෙවැනි ඉනිම - ඕවර 67.3 කදී සියලු දෙනා දැවී 171 
(පෙසඳු සංජන 75, ඔචින්ත චාමික 34, තිසන් දෙව්මිත් 37/7, විරාන් චමුදිත 43/2) 

ශාන්ත සර්වේෂස් දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 3 ක් දැවී 44 
(දිනුරු අබේවික්‍රමසිංහ නොදැවී 25) 

 


අදහස් (0)

ශාන්ත සර්වේෂස් විදුහල වැඩි ගෞරව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.