Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපර් ප්‍රීමියර් ලීග් ශූරතාව සී.ඩී.බී. ෆිනෑන්ස් පිලට

සුපර් ප්‍රීමියර් ලීග් ශූරතාව සී.ඩී.බී. ෆිනෑන්ස් පිලට

editorial - 2022 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)
වෙළඳසේවා සංගමය 29 වැනි වරටත් සංවිධානය කළ සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනිමට ළහිරු මදුශංක නායකත්වය දැරූ සී.ඩී.බී. ෆිනෑන්ස් පිල සමත්විය. ප්‍රසාද ලකුණු 21 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් සී.ඩී.බී. ෆිනෑන්ස් පිල තරග 5 කට සහභාගිවී ඉන් තරග 4 ක් ජයගත් අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

ලකුණු 13.5 ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූ සංගීත් කුරේ නායකත්වය දැරූ මෝඞ් ඉංජිනියර්ස් පිලට අනුශූරතාවෙන් සෑහිමට පත්වීමට සිදුවිය. තරග 5 කට ක්‍රීඩා කළ මෝඞ් ඉංජිනියර්ස් පිල තරග 3 ක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත්විය. වර්ෂාව හේතුවෙන් තරයක් විසඳුමකින් තොරව අවසන් විය. මෝඞ් ඉංජිනියර්ස් පිලට ප්‍රසාද ලකුණු 15 ක් හිමිවිය යුතු වුවද තරග 2 කදී ඔවුන් යැවිය යුතු ඕවර සංඛ්‍යාව නියමිත වේලාව තුලදී නොයැවීම හේතුවෙන් ප්‍රසාද ලකුණු 1.5 ක් අඩු කිරීමට තරග තීරකවරුන් තීරණය කළහ.

ජෝන් ක්‍රීල්ස් පිල ප්‍රසාද ලකුණු 13 ක්, හේලීස් පිල ප්‍රසාද ලකුණු 8 ක්, හැටන් නැෂනල් බැංකු පිල ප්‍රසාද ලකුණු 7 ක් සහ සම්පත් බැංකු පිල ප්‍රසාද ලකුණු 4 ක් ලබාගනිමින් පිළිවෙලින් තෙවැනි, සිව්වැනි, පස්වැනි සහ හයවැනි ස්ථාන ලබාගත්තේය.

තරග 3 ක් අද (17 වැනිදා) පැවැත්වීමට නියමිත තිබූ නමුත් සී.ඩී.බී. ෆිනෑන්ස් සහ හේලීස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී සහ මෝඞ් ඉංජිනියර්ස් සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිත තිබූ තරග වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් සම්පත් බැංකු පිලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 50 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් පිල සමත්විය.

වෙළඳසේවා සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය අනිද්දා (19 වැනිදා) තර්ස්ටන් සහ සී.සී.සී ක්‍රීඩාංගණවලදී ආරම්භ වේ.


අදහස් (0)

සුපර් ප්‍රීමියර් ලීග් ශූරතාව සී.ඩී.බී. ෆිනෑන්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.