Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් ප්‍රවේශපත් වලට ලක්ෂ 84 ක් මුදාහරී

ගුවන් ප්‍රවේශපත් වලට ලක්ෂ 84 ක් මුදාහරී

editorial - 2023 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ පැවැත්වෙන 15 වැනි බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සඳහා ගුවන් ටිකට් පත් වෙනුවෙන් ජාතික ක්‍රීඩා අරමුදලෙන් රුපියල් ලක්ෂ 84 ක් ගෙවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම තරගාවලිය ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි 01 වැනිදා දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙයි. තරගාවලිය සඳහා ක්‍රීඩකයෝ 24 දෙනෙක් සහ නිලධාරීහු 4 දෙනෙක් සහභාගි වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය 27 වැනිදා නේපාලයට එරෙහිවද, දෙවැනි තරගය 28 වැනිදා ඉන්දියාවට එරෙහිවද තුන්වැනි තරගය 29 වැනිදා පලස්තීනයට එරෙහිවද පැවැත්වීමට නියමිතය.

- 213


අදහස් (0)

ගුවන් ප්‍රවේශපත් වලට ලක්ෂ 84 ක් මුදාහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.