Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රුක්මාල්ට ප්‍රංශයෙන් රන් පදක්කමක්

රුක්මාල්ට ප්‍රංශයෙන් රන් පදක්කමක්

editorial - 2022 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල) 

ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් ඒ. රුක්මාල් ප්‍රසන්න , ඉකුත් මැයි මස 12 දින සිට 15 දක්වා ප්‍රංශයේ පැවති ශත සංවත්සර බොක්සිං තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් රන් පදක්කම දිනා ගෙන තිබේ. එහිදී ඔහු විසින් කැනඩාවේ අල් අහමදියා පරාජය කරන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං ක්‍රීඩා සමාජය නියෝජනය කරන රුක්මාල් ප්‍රසන්නට ගෙළ පළදින රන් පදක්කමක් වෙනුවට ඉන වටා පළදින රන් පදක්කමක් හිමි වී තිබීම විශේෂත්වයකි. ප්‍රංශයේ පැවති මෙම තරගාවලියට රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 ක් පමණ සහභාගී වී සිටියහ.

බොක්සිං ක්‍රීඩක රුක්මාල් ප්‍රසන්න පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.


අදහස් (0)

රුක්මාල්ට ප්‍රංශයෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.