Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කණ්ඩායම් 4 ක් කුසලාන ශූරතාවලියට
රග්බි ලීගය

කණ්ඩායම් 4 ක් කුසලාන ශූරතාවලියට

editorial - 2023 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2023 අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 අතරට පිවිසෙමින් කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීම සඳහා සුදුසුකම් ලැබීමට මහනුවර, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., හැව්ලොක්ස් සහ නාවික හමුදා යන ක්‍රීඩා සමාජ සමත්ව සිටිති.

තරගාවලියේ මූලික වටය සති 7 කින් සමන්විත වූ අතර එම සති 7 අවසන් වන විට අපරාජිත බව රැකගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. සහභාගි වූ තරග 7 න්ම ජය ලැබූ මහනුවර ක්‍රීඩා සමාජය, ප්‍රසාද ලකුණු 4 ක්ද සමග මේ වන විට ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 39 කි.

මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ පමණක් පරාජයට පත්වූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, මූලික වටයේදී ජයග්‍රහණ 6 ක් ලබා ප්‍රසාද ලකුණු 4 ක්ද සමග මුළු ලකුණු 34 ක් හිමිකරගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය තරග 4 ක් ජය ලබා ප්‍රසාද මුළු ලකුණු 5 ක් සමග ලකුණු 25 ක්ද, නාවික හමුදාව තරග 3 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 5 ක් සමග මුළු ලකුණු 20 ක්ද සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති.

ගෙවී ගිය සතිය තුළ පැවැති තරගවලදී නාවික හමුදාව හමුවේ ගුවන් හමුදාව ලකුණු 32-31 ක් ලෙසද, පොලිසිය හමුවේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 27-22 ක් ලෙසද, මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 35-15 ක් ලෙසද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ යුද හමුදාව ලකුණු 22-18 ක් ලෙසද පරාජයට පත් වූහ.
 
මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන 4 අතරට පත්වීම හේතුවෙන් ගුවන් හමුදාවට, පොලිසියට, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට සහ යුද හමුදාවට තරගාවලියේ කුසලාන ශූරතාවෙන් ඉවත්ව පළඟ ශූරතාව වෙනුවෙන් තරගවැදීමට සිදුවිය.

පෙබරවාරි මස 3 වැනිදා ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර පැවැත්වෙන තරගයෙන් පළඟ ශූරතාව සඳහා වන තරග ආරම්භ වේ. කුසලාන ශූරතාව සඳහා වන තරග ආරම්භ වන්නේ පෙබරවාරි මස 4 වැනිදා මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර පැවැත්වෙන තරගයෙනි.


අදහස් (0)

කණ්ඩායම් 4 ක් කුසලාන ශූරතාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.