Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීය - කිංග්ස්වුඩ් හෙට සටනට

රාජකීය - කිංග්ස්වුඩ් හෙට සටනට

editorial - 2022 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කොටසේ තවත් තරග තුනක් හෙට (2 වැනිදා) කොළඹදී සහ මහනුවරදී පැවැත්වීමට නියමිතය. කොළඹ රාජකීය විදුහල සහ මහනුවර කිංග්සවුඩ් විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන තරගය ඉන් ප්‍රධාන තැනක් ගනී. 

තරගාවලියේ පළමු සතියේ පැවැති තරගයකදී ලකුණු 22-12 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් වූ රාජකීය විදුහල, මේ වන විට ලකුණු 6 ක් ලබා ‘ඒ’ කොටසේ පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. 

එහෙත් කිංග්සවුඩ් විදුහල එම සතියේ පැවැති තරගයකදී මරදාන ශාන්ත ජෝෂප් විදුහල හමුවේ ලකුණු 34-03 ක් ලෙස පරාජයට පත් විය. එබැවින් මේ වන විට ඔවුන් ලකුණු නොළබා ‘ඒ’ කොටසේ පළමු කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවේ. 

‘ඒ’ කොටසේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් තරගයක් සහ දෙවැනි කාණ්ඩයේ තරගයක්ද හෙට පැවැත්වීමට නියමිතව තිබේ. පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සෙසු තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කොළඹ හැව්ලොක් පිටියේදී තරග බිමට පිවිසෙනු ඇත.

පළමු සතියේ පැවැති තරගවලදී ලකුණු 34-03 ක් ලෙස කිංග්සවුඩ් විදුහල පරාජය කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් වූ අතර සාන්ත තෝමස් විදුහල ලකුණු 20-13 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විදුහල හමුවේ පරාජයට පත්විය. 

මේ වන විට ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 6 ක් ලබා ‘ඒ’ කොටසේ පළමු කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර එක් ලකුණක් ලබා සිටින සාන්ත තෝමස් විදුහලට එම කාණ්ඩයේ සිවුවැනි ස්ථානය හිමිව ඇත. 

‘ඒ’ කොටසේ දෙවැනි කාණ්ඩය යටතේ හෙට පැවැත්වෙන තරගයේදී මහනුවර ධර්මරාජ විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල තරග වදින අතර එම තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. 

පළමු සතියේදී පැවැති තරගවලදී ධර්මරාජ විදුහල ලකුණු 27-12 ක් ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල හමුවේද, විද්‍යා විදුහල ලකුණු 18-09 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල හමුවේද පරාජයට පත් විය. ඒ අනුව එම කණ්ඩායම් පිළිවෙලින් දෙවැනි කොටසේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටියි. 


අදහස් (0)

රාජකීය - කිංග්ස්වුඩ් හෙට සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.