Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ‘බී’ කොටසේ තරග 5 ක් හෙට

‘බී’ කොටසේ තරග 5 ක් හෙට

editorial - 2022 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘බී’ කොටසේ තරග 5 ක් හෙට (2 වැනිදා) පැවැත්වීමට නියමිතය. මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ඉන් ප්‍රධාන තැනක් ගනී. 
 
තරගාවලියේ පළමු සතියේ පැවැති තරගවලදී ලකුණු 47-14 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කිරීමට සුමංගල විදුහල සමත් වූ අතර ලකුණු 29-10 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කිරීමට තර්ස්ටන් විදුහල සමත් විය. එබැවින් හෙට තරගයේදී මෙම කණ්ඩායම් දෙක අතර ඉතා තියුණු සටනක් බලාපොරොත්තු විය හැකිය. 
 
හෙට පැවැත්වෙන සෙසු තරගවලදී ගාල්ල ඇලවීෂියස් විදුහලට එරෙහිව මරදාන සහිරා විදුහලද, මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව කොළම මහානාම විදුහලද, කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව කොළඹ ආනන්ද විදුහලද, කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව කොළඹ ලුම්බිණී විදුහලද තරග බිමට පිවිසීමට නියමිතය. 
 
ඔවුන් අතරින් පළමු සතියේදී සහභාගි වූ තරගවලදී ජයග්‍රහණය අත්කර ගැනීමට වේල්ස් කුමර සහ මලියදේව විදුහල් සමත් වූ අතර ශාන්ත ඇලවීෂියස්, ශාන්ත බෙනඩික්, ආනන්ද සහ ලුම්බිණී විදුහල් එහිදී පරාජයට පත් විය. 
 
හෙට (2 වැනිදා) පැවැත්වෙන තරග 
 
මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
 
ගාල්ල ඇලවීෂියස් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර ඇලවීෂියස් විදුහල් ක්‍රීඩාංගණයේදී 
 
මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළම මහානාම විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 
 
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී 
 
කුරුණෑගල මලියදේව විදුහල සහ කොළඹ ලුම්බිණී විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී 

අදහස් (0)

‘බී’ කොටසේ තරග 5 ක් හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.