Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයි.පී.එල් කුසලාන චෙන්නායි පිලට

අයි.පී.එල් කුසලාන චෙන්නායි පිලට

editorial - 2021 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆෆ් ඩු ප්ලේසීස් (86) ඇතුළු පිතිකරුවන්ගේ වේගවත් පිතිහරඹයත්, ශර්දුල් ඨාකූර් (38/3) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ සිව්වැනි වරටත් ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

ඩුබායිහිදී අද (15 වැනිදා) පැවැති ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ලකුණු 27 ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිලට හැකිවිය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැුස්කිරීමට හැකිවූයේ ලකුණු 165 ක් පමණි.

ආරම්භක පිතිකරුවන් වූ ශුබ්මන් ගිල් සහ වෙන්කටේෂ් අයියර් අර්ධ ශතක රැුස්කරමින් පළමු කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ කොල්කටා පිලට පරාජය උරුම විය.

ශුබ්මන් ගිල් පන්දු 43 කදී හතරේ පහර  6 ක් සමගින් ලකුණු 51 ක් සහ වෙන්කටේෂ් අයියර් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ශුබ්මන් ගිල් සහ වෙන්කටේෂ් අයියර්ට අමතරව පසුපෙළ පිතිකරුවන් වූ ලොකී ෆර්ගසන් (නොදැවී 18) සහ ශිවම් මාවී (20) පමණක් ලකුණු 10 සීමාව පසුකිරීමට සමත්වූහ.

ශර්දුල් ඨාකූර් කඩුලූ 3 ක් ද, ජොෂ් හේසල්වුඞ් සහ රවින්ද්‍ර ජදේජා කඩුලූ 2 බැගින්ද දවාගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් පිල ජයග‍්‍රහණය කරා රැුගෙන යාමට සමත්වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 192 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු ෆෆ් ඩු ප්ලේසීස් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 59 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 86 ක් රැස්කිරීමට සමත්විය.

අනෙක් ආරම්භක පිතිකරුවා වූ රුතුරාජ් ගයික්වාඞ් සමගින් පළමු කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 61 ක සම්බන්ධතාවයක්ද, රොබින් උතප්පා සමගින් දෙවැනි කඩුල්ල සඳහා  පන්දු 32 කදී ලකුණු 63 ක සම්බන්ධතාවයක්ද, මොයින් අලී සමගින් තෙවැනි කඩුල්ල සඳහා  පන්දු 39 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගූ ෆෆ් ඩු ප්ලේසීස් චෙන්නායි පිලේ ලකුණු සංඛ්‍යාව 200 ආසන්නයට ගෙන ඒමට සමත්විය.

රුතුරාජ් ගයික්වාඞ් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 32 ක් සහ රොබින් උතප්පා පන්දු 15 කදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් ලබාගැනීමට සමත්වූහ. ෆෆ් ඩු ප්ලේසීස්ට අනගි සහයක් ලබාදුන් මොයින් අලී පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් ලබාගත්තේය.

කොල්කටා පිලේ නායක ඔයින් මෝගන් පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත්තද පිතිකරුවන් හමුවේ දැඩි පහරදීමකට ඔවුන් ලක්වු නමුත් සුනිල් නරේන් සිය  ඕවර 4 ලකුණු 26 කට සීමා කරමින් කඩුලූ 2 ක් දවාගැනීමට සමත්විය.

විස්සයි20 ක‍්‍රිකට් ඉතිහාසයේ තරග 300 කට නායකත්වය ලබාදී ඇති මහේන්ද්‍ර සිං දෝනි එම දස්කම කළ පළමු නායකයා ලෙස වාර්තා පොත් අතරට එක්වීය.


චෙන්නායි සුපර් කිංග්ස් -  ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 192
(රුතුරාජ් ගයික්වාඞ් 32, ෆෆ් ඩු ප්ලේසීස් 86, රොබින් උතප්පා 31, මොයින් අලී නොදැවී 37, සුනිල් නරේන් 26/2)

කොල්කටා නයිට් රයිඩර්ස් -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 165
(ශුබ්මන් ගිල් 51, වෙන්කටේෂ් අයියර් 50, ශිවම් මාවී 20, ශර්දුල් ඨාකූර් 38/3, ජොෂ් හේසල්වුඞ් 29/2, රවින්ද්‍ර ජදේජා 37/2)

- 2079


අදහස් (0)

අයි.පී.එල් කුසලාන චෙන්නායි පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.