Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආගර්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි
වෝන් - මුරලි කුසලාන

ආගර්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

editorial - 2022 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඇලපතේ මස්පිඬුවක් ඇදීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ප්‍රධානතම වමත් දඟ පන්දු යවන්නා වන ඇෂ්ටන් ආගර්ට වෝන් - මුරලි කුසලාන දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ. ඒ අනුව ලබන සිකුරාදා (08 වැනිදා) ගාල්ලේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඇෂ්ටන් ආගර් ක්‍රීඩා නොකරනු ඇත.

ඇෂ්ටන් ආගර්ගේ ස්ථානය වමතින් දඟ පන්දු යවන ජොනතන් හොලන්ඩ්ට හිමිවී තිබේ.
ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම සමගින් පසුගියදා ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව තරග කළ හොලන්ඩ් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව තරග කළ නමුත් එහිදී ඔහුට එතරම් සාර්ථකත්වයක් ලබාගත නොහැකි විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව තරගයක් පමණක් ක්‍රීඩා කළ හොලන්ඩ්, ශ්‍රී ලාංකිකයන් වෙත ලකුණු 176 ක් තිළිණ කළ නමුත් දවාගත හැකිවූයේ කඩුලු 2 ක් පමණි.
 
වසර 6 කට ඉහතදී ගාල්ලේදීම සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හොලන්ඩ් මේ දක්වා ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 4 දීම දවාගෙන ඇත්තේ කඩුලු 9ක් පමණි. එයින් කඩුලු දෙකක් 2016 දී ගාල්ල ක්‍රීඩාංගණයේදී දවාගත් ඒවාය.

ඇෂ්ටන් ආගර් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකි. ඔහුගේ මව සෝනියා, ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර ඇය යන්තම් 10 හැවිරිදි වියේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ..


අදහස් (0)

ආගර්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.