Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉතාලිය ගෝල 3-0 කින් තුර්කිය පරදවයි

ඉතාලිය ගෝල 3-0 කින් තුර්කිය පරදවයි

editorial - 2021 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයේදී තුර්කියට එරෙහිව ගෝල 3-0 ක ජයක් වාර්තා කිරීමට ඉතාලිය ඊයේ (11 වැනිදා) සමත් විය. එම ජයත් සමග ලකුණු 3 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ඉතාලියට හැකි විය.

තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ගෝල ලබා නොසිටි නමුත්, දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් පසුව 56 වැනි විනාඩියේදී තුර්කි කණ්ඩායමේ මෙරි ඩිමිරල් වැරදීමකින් තම දැල වෙතටම ‍පන්දුව යොමුකිරීම නිසා ඉතාලියට ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට හැකි විය.

ඉන් අනතරුව 66 වැනි විනාඩියේදී ලාසියෝ ඉමොබයිල්ද, 79 වැනි විනාඩියේදී ලොරෙන්සෝ ඉන්සයින්ද ගෝල ලබාගනිමින් ඉතාලි කණ්ඩායමට මෙවර තරගාවලිය සඳහා හොඳ ආරම්භයක් ලබා දුන්හ. ලබන බදාදා (16 වැනිදා) මෙම කණ්ඩායම් දෙක යළිත් තරග බිමට පිවිසෙන අතර එහිදී ස්විට්සර්ලන්තයට එරෙහිව ඉතාලියද, වේල්සයට එරෙහිව තුර්කියද තරග වැදීමට නියමිතය.

මේ අතර අද දිනයේදී (12 වැනිදා) වේල්සය සහ ස්විට්සර්ලන්තය අතර ‘ඒ’ කාණ්ඩයේ තවත් තරගයක් පැවැත්වෙන අතර ‘බී’ කාණ්ඩයේ තරග දෙකකදී ඩෙන්මාකයට එරෙහිව ෆින්ලන්තයද, බෙල්ජියමට එරෙහිව රුසියාවද අද තරග බිමට පිවිසීමට නියමිතය. එහිදී ලෝක පාපන්දු ශ්‍රේණගත කිරීම්හි පෙරමුණේ පසුවන බෙල්ජියම සහභාගීවන තරගය කෙරෙහි ලොව වටා පාපන්දු රසිකයන්ගේ වැඩි අවධානයක් යොමුවී තිබේ.

 


 

-036


අදහස් (0)

ඉතාලිය ගෝල 3-0 කින් තුර්කිය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.