Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දු - ලංකා පළමු කාන්තා එක්දින තරගය හෙට

ඉන්දු - ලංකා පළමු කාන්තා එක්දින තරගය හෙට

editorial - 2022 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (1 වැනිදා) පෙරවරු 10.00 සිට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙය අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ එක්දින ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරගාවලියකි.

දෙරට අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් වුවද, එහි අවසන් තරගයේදී ලැබූ විශිෂ්ඨ ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිතක්වකින් යුතුව හෙට තරගයට පිවිසෙනු ඇත.

විස්සයි-20 තරගාවලියේදී මෙන්ම එක්දින තරගාවලියේදීද ලාබාල ක්‍රීඩිකා විශ්මි ගුණරත්න සමගින් නායිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට සූදානමින් සිටින්නීය.

දෙවැනි විස්සයි-20 තරගයේදී ප්‍රබල ඉන්දීය පන්දු යවන්නියන් හමුවේ රැස්කළ ලකුණු 45 විෂ්මිට එක්දින තරගාවලියේදී ලකුණු අතරට පිවිසීමට මහඟු පිටිවහලක් වනු ඇත.

ලාබාල ක්‍රීඩිකාවන් දෙපලක් වන හර්ෂිතා මාධවී සහ කවීෂා දිල්හාරි මෙන්ම ප්‍රවීන ක්‍රීඩිකාවන් දෙපලක් වන නිලක්ෂි ද සිල්වා සහ හසිනි පෙරේරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මැද පෙළ සවිමත් කරති. පන්දු යවන්නින් අතින් ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකා ඉනෝකා රණවීට මෙම තරගාවලියේදී වැඩි බරක් කරට ගැනීමට සිදුවනු ඇත.

දෙරට අතර අවසන් වරට පැවැති තරග 5 න් 4 කම ජය ඉන්දියාව සතුවී ඇති නමුත් ඉන් 2018 වසරේදී පැවැති අවසන් තරගයේදී කඩුලු 3 කින් ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.

පාකිස්තානයට එරෙහිව ජූනි මස මුලදී එක්දින තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි මුල් තරග දෙක පරාජයට පත් වුවද, අවසන් තරගයේදී ජය ලැබීය.

කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී සහභාගි වූ තරග 7 දී පාකිස්තාන, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් පරාජය කළ ඉන්දීය කාන්තා කණ්ඩායම, එහිදී නවසීලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්විය.

 


අදහස් (0)

ඉන්දු - ලංකා පළමු කාන්තා එක්දින තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.