Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔසාකාගේ සිහිනය බිඳවැටෙයි

ඔසාකාගේ සිහිනය බිඳවැටෙයි

editorial - 2021 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)

වත්මන් ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ ලොව අංක 2 හිමි ක්‍රීඩිකාව වන ජපානයේ නයෝමි ඔසකා තරග වට 2-0 කින් පරාජය කිරීමට චෙක් ජනරජයේ මාකෙටා වොන්ඩ්‍රොසෝවා අද (27දා) සමත් විය. වොන්ඩ්‍රොසෝවා ලෝක ශ්‍රේණිගත කිරීම්හි 42 වැනි ස්ථානයේ රැඳී සිටියදී මෙම ජයග්‍රහණය වාර්තා කිරීම සුවිශේෂී වෙයි.

සත්කාරක ජපානය මෙවර ඔලිම්පික් උළෙලේ බලාපොරොත්තුව සිටි රන් පදක්කමක් ලෙස මෙය සැලකෙයි. කෙසේ නමුත් ඔසාකා තෙවැනි වටයේදී 6/1 හා 6/4ක් ලෙස වොන්ඩ්‍රොසෝවා හමුවේ පරාජය වූවාය.

 

පිලිපීන ගෞරවය ඔසවා තැබූ යුවතිය

දශක ගණනාවක් තිස්සේ පිළිපීනයට ලඟකරගත නොහැකි අභියෝගයක් බවට පත්ව තිබූ ඔලිම්පික් රන් පදක්කම තවදුරටත් සිහිනයක්ව නොතබමින් බර ඉසිලීමේ ක්‍රීඩිකා හිඩිලින් ඩයස් සිය රට වෙනුවෙන් පළමු රන් පදක්කම ඊයේ (27දා) දිනාගැනීමට සමත් වූවාය. ඒ අනුව ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමුවැන්නා ලෙස ඇය පිලිපීන ඉතිහාසයට එක්විය.

කි.ග්‍රෑ. 55 බර පන්තිය නියෝජනය කළ 30 හැවිරිදි ඩයස්, ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 97ක බරක් එස වූවාය. ඇය  ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 127ක බරක් ඔසවමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, ඇය එසවූ සමස්ත බරද (කි.ග්‍රෑ. 224) නව ඔලිම්පික් වාර්තාවක් විය.

මෙය ඩයස්ගේ සිව්වැනි ඔලිම්පික් උළෙල වෙයි. ඇය පළමුවරට 2008 බිජීං (චීනය) ඔලිම්පික් උළෙලට කි.ග්‍රෑ. 58 බර පන්තියෙන් තරග වැදුණ අතර, එහිදී ඇයට 11 වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය. ඉන් අනතුරුව 2012 ලන්ඩන් (එංගලන්තය) ඔලිම්පික් උළෙලට කි.ග්‍රෑ. 58 බර පන්තිය නියෝජනය කරමින් ඇය සහභාගි වූවත්, තරගය අවසන් කිරීමට නොහැකි වූවාය.

කෙසේ නමුත් අඛණ්ඩව තෙවැනි වරටත් ඔලිම්පික් වරම් හිමිකර ගත් ඩයස්, 2016 රියෝ (බ්‍රසීලය) ඔලිම්පික් උළෙලේදී කි.ග්‍රෑ. 53 බර පන්තියේ රිදී පදක්කම දිනාගත්තාය. ඒ අනුව වසර ගණනාවක උත්සාහයට ඇය අවසානයේ සාර්ථක රන් පිළිතුරක් මෙවර ඔලිම්පික් උළෙලේදී අත්කරගත්තාය.

ජුඩෝ ක්‍රීඩාවේ උපන්බිම ලෙස සැලකෙන ජපානයට එහි ගෞරවය රැකදෙමින් ජුඩෝ ක්‍රීඩක ටකනෝරි නාගසේ කි.ග්‍රෑ. 81 ක බර පන්තියේ රන් පදක්කම ජපානයට දිනාදුන්නේය. අවසන් තරගයේ නාගසේගේ ප්‍රතිවාදියා වූයේ මොන්ගෝලියාවේ සෙයිඩ් මොල්ලෙයිය. ජපාන ක්‍රීඩක නාගසේ 2016 රියෝ ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.

ලොව කුඩාම දූපතක් ලෙස සැලකෙන බර්මියුඩාවේ ෆ්ලෝරා ඩයි කාන්තා තුන්ප්‍රයාම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඊයේ (27දා) සමත්විය. මහා බ්‍රිතාන්‍යය (රිදී) සහ ඇමරිකාවට අභියෝග කරමින් ඇය මෙම පදක්කම දිනාගැනීම සුවිශේෂී විය. මෙයද  බර්මියුඩාව දිනූ පළමු ඔලිම්පික් රන් පදක්කම වෙයි.

සමස්ත දකුණු ආසියානු කලාපයටම තවමත් හිමිව ඇත්තේ එක් රිදී පදක්කමක් පමණක් වන අතර, එය ඉන්දියාව විසින් දිනාගෙන පදක්කම් සටහනේ 39 වැනි ස්ථානයේ රැඳි සිටියි. රටවල් 52ක් අවම ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්ව සිටියි.

 


අදහස් (0)

ඔසාකාගේ සිහිනය බිඳවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.