Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිල 97 ට දැවී යයි

කොදෙව් පිල 97 ට දැවී යයි

editorial - 2021 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕවර 5 ක් ඇතුළතදී අවසන් පිතිකරුවන් පස්දෙනාගෙන් 4 දෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවූ ලුන්ගි න්ගිඩිගේ (19/5) විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ශාන්ත ලුසියා හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම කොදෙව් පිලේ මුල් ඉනිම ලකුණු 97 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ වීමෙන් පසු, කොදෙව් පිලේ කෝඩුකාරයකු වන ජේඩන් සීල්ස් කඩුලු 3 ක් දවාගත් නමුත් තරගයේ පළමු දිනය අවසන් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 128 ක් ලබා සිටියේය.

මෙම තරගය ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාත් ලකුණු නොලබාම දැවී ගිය නමුත් ඒඩ්න් මාක්රම් මැද පෙල පිතිකරුවන් සමග ඉදිරියට ගියේය. එහෙත් පළමුව කීගන් පීටර්සන් දවාගත් කෝඩුකාරයා පන්දු 8 ක් ඇතුළතදී මාක්රම් සහ කයිල් වර්රින් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවීය.

න්ගිඩි කඩුලු 5 ක් දවාගත් නමුත් කොදෙව්වන් පසුපසට ඇද දැමූ පන්දු යවන්නා වූයේ ඉදිරිපෙළ පිතිකරුවන් 6 දෙනාගෙන් 4 දෙනකුටම වගකී ඇන්රික් නෝයේය. ජේසන් හෝල්ඩර් පමණක් ඉතිරිව සිටියදී නෝයේ විසින් රොස්ටන් චේස් ආපසු ක්‍රීඩාගාරයට යවන විට කොදෙව් පිලේ කඩුලු 6 ක් ලකුණු 56 කට ඇද වැටී තිබිණ. නෝයේගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 35 කට කඩුලු 4 ක් ලෙසිනි. දිවා ආහාරයට පෙර සහ පසුව, කොදෙව් පිලේ කඩුලු 5 ක් ලකුණු 11 ක් තුළදී බිඳ වැටිණ. මෙම ලකුණු 97 කොදෙව් කණ්ඩායමක් දකුණු අප්‍රිකානු පිලක් හමුවේ ටෙස්ට් තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි.

තරගය ආරම්භ වීමෙන් පසුව පැවැති පළමු විනාඩි 45 තුළදීම කඩුලු ආරක්‍ෂා කරගැනීමට නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සහ ෂායි හෝප් දෙදෙනාම සමත් වූහ. එහෙත් තුන්වැනි පන්දු යවන්නා වශයෙන් පැමිණි ඇන්රික් නෝයේ සියල්ල කණපිට හැරවූයේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමක් බටහිර ඉන්දීය දූපත් සමූහයේදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වන්නේ වසර 11 කට පසුවය.


බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 97 යි
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 15, ෂායි හෝප් 15, නිකෲමා බෝනර් 10, ජේසන් හෝල්ඩර් 20, රකීම් කොන්වෝල් 13, ලුන්ගි න්ගිඩි 19/5, ඇන්රික් නෝයේ 35/4)

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම කඩුලු 4 ට 128 යි
(ඒඩ්න් මාක්රම් 60, කීගන් පීටර්සන් 19, රාසි වැන්ඩර්ඩසන් නොදැවී 34, ජේඩ්න් සීල්ස් 34/3)

 

- 213

 


අදහස් (0)

කොදෙව් පිල 97 ට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.